Thursday, June 5, 2014

හරිත ගොඩනැගීම් තාක්ෂණය-Green building Technology

"හරිත ගොඩනැගීම් තාක්ෂණය" වර්ථමානයේ  කතා බහට ලක් වෙන අලුත් මාතෘකාවක්.. දිනෙන් දින ඉහල යන පරි සර දුෂණය හමුවේ ලෝක ප්‍රජාව තේරුම් ගන්නවා, මිනිස් බලපෑම හේතුවෙන් සිදුවන පරිසර හානිය තව දුරටත් පරිසරයට දරාගත නොහැකි බව..

නමුත් කරුණු වැටහෙන විට පෘතුවියේ ඇතැම් නගර මිනිසා ඇතුළු ජීවීන්ට ජීවත් වීමට නුසුදුසු තරම් තත්වයට පත්වෙලා කුවොත් වඩාත් නිවැරදියි. චීනයේ beijing කියන්නේ එකට හොද උදාහරණයක්.. beijing වල වාතය ජීවීන්ට නුසුදුසු බව තහවුරු කරල අවසානයි..නමුත් මේ අමිහිරි අනාගතයට ඔබත් මමත් හෙට උපදින දරුවාත් මුදුන දිය යුතු වෙනව, වග කියන්නන් කවුරු වුවත්..

මෙවැනි වාතාවරණයක් තුල තමා හරිත තාක්ෂනය නම් සංකල්පය ලොව කතා බහට ලක්වන මාතෘකාවක් වෙන්නෙ....
හරිත තාක්ෂනය කියන සංකල්පය තුල විවිධ පැතිකඩ රාශියක් ආවරණය වෙනව.. ඉන් එක්කක් තම මේ "හරිත ගොඩනැගීම් තාක්ෂනය" කියන්නේ. ඔයාලට මතක ඇති අපි පරිසර හිතකාමී නිවාස ගැන කතා කලා. (පරිසර හිතකාමී නිවාස). හරිත ගොඩනැගීම් තාක්ෂනය මිට වඩා චුට්ටක් පුළුල් මාතෘකාවක්. සියලුම කෘතීම ඉදිකිරීම් මේ මාතෘකාවට අයත්.. නිවාසත් ඇතුළුව..
මෙම ගොඩ නැගීමේ තාක්ෂණයේ ප්‍රධාන අරමුණු තමා 
  • පරිසරයට සිදුවන හානිය අවම කිරීම.
  • අවම ශක්ති පරිභෝජනය.
  • අවම ශක්ති හානිය.
  • ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම.
  • අවම ද්‍රව්‍ය භාවිතය.
                                     
පරිසරයට සිදුවන හානිය අවම කිරීම.

ගොඩ නැගිල්ලේ වහලය මත සිදු කරන හරිත වගාව ගොඩ නැගිල්ල ඉදිකිරීමේදී පරිසර හරිත වසමට සිදුවූ හානිය අවම කිරීම සිදු කරනවා.. භාවිතා කල ජලය පිරියම් කර නැවත පරිසරයට මුදාහැරීමෙන් පරිසර හානිය අවම වෙනවා.

අවම ශක්ති පරිභෝජනය.

තාපී කරණය, සං වාතනය, හා ශිතනය යන ක්‍රියාවලි වලදී සුර්ය ශක්තිය, සුලන් ශක්තිය බහවිතය මෙහිදී සිදුවෙනවා..

අවම ශක්ති හානිය.

ඉහල කාර්යක්ෂම තත්වයෙන් යුතු උපකරණ භාවිතය මගින් ශක්ති හානිය අවම කරගත හැකියි..

ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම.

ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් දැනට වෙළද පලේ පවතින අමු ද්‍රවය සදහා වන අධික ඉල්ලුම අවම කල හැකි අතර එමගින් සීමිත වූ පාරිසරික සම්පත් භාවිතය අවම කල හැකි වෙනව..

අවම ද්‍රව්‍ය භාවිතය.

අමු ද්‍රව්‍ය අවම ලෙස භාවිතා කිරීමට නම් භාවිතයේදී සිදුවන අපතේ යාම අවම කර කාර්යක්ෂම තාවය ඉහල අගයක පවත්වාගත යුතු වෙනවා...

ලොව හරිත තාක්ෂනය කරා පියනගන යුගයක ඔබට එහි තතු මෙසේ රැගෙන එන්නට ලැබීම මට මහත් වාසනාවක් වගේම ගෞරවයක්..

 තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)


Thursday, January 30, 2014

Solar water heating System- සුර්ය ජල තාපක

Solar water heating System හෙවෙත් සුර්ය ජල තාපක අද හැමෝම කතාවෙන මාතෘකාවක්.. ඒ මොකද කියල යම්කිසි අදහසක් මේ වෙනකොට අපි හැමෝටම තියෙනවා.. නමුත් මේකෙ යාන්ත්‍රණය මොකක්ද කියල හොයල බලන එක ගොඩක් වැදගත්. එමගින් ඔබේ දැනුම වර්ධනය වෙනව වගේම ඔබේ මුදලුත් ඉතිරි කරගන්න පුළුවන්....

මේ රූපයෙන් දැක්වෙන්නේ දැනට පවතින නවීනතම සුර්ය ජල තපකයයි. සාමාන්‍යයෙන් සුර්ය තපක වල පවතින සුර්ය පැනල, බැටරි යම් කාලයකට පසු ප්‍රතිස්ථාපනය කල යුතුයි. එසේ කලත් ඒවායේ කාර්යක්ෂමතාවය අඩු මට්ටමක තමා තියෙන්නේ. 

නමුත් මේ නවීන  සුර්ය ජල තපකයේ සුර්ය පැනල නෑ. බැටරි නෑ. ඒ නිසා ඒවා ප්‍රතිස්ථාපනය කිරීම වැනි ක්‍රියා වලට ඔබේ මුදල් වැයවන්නේ නෑ. කාර්යක්ෂමතාවය ඉතා ඉහලයි.
මේ රූපයෙන් දැක්වෙන්නෙ නවීන සුර්ය ජල තපකයක් සවිකරන අයුරුයි...

නැනෝ තාක්ෂනය මේ නවීන සුර්ය ජල තපකය සතු වෙනවා. එය තුල පවතින ද්‍රවය නිපදවා තියෙන්නෙ නැනෝ තාක්ෂනය භාවිතයෙන්. 
පළමු රුපයේ පරිදි ඉහලින්ම තියෙන්නෙ වතුර ටැංකිය. එයට සවි වෙන බට රාශියක් ඔබට පහලින් පෙනෙනවා ඇති. ඒවායේ පිටත ආවරණය සුදු යකඩ හා තඹ යොදා නිපදවන අතර එමගින් අධෝරක්ත කිරණ පරාවර්තනය කරනු ලබනවා. 

ඇතුලතින් පවතින ඇලුමිනියම් නයිට්‍රයිඩ් ස්තරය තාපය අවශෝෂණය කරගන්නවා. ඊට අමතරව අවශෝෂණය කරගත් තාපය පිටවීම නැවැත්වීමට නිකල් හෝ ටයිටේනියම් ස්තරයක් යොදාගන්නවා.
ඉහත සතර තුනෙන් යුතු ආවරණය ඇතුලතින් පවතින රික්ත පොම්පයට 500c පමණ උෂ්ණත්වයකට රත් වීමට අවකාශය සපයාදෙන අතර නිරාවරණ වර්ගඵලය වැඩිකරමින් වැඩි ආයුෂ ප්‍රමාණයක්ද ලබාදෙනවා.මෙහි කාර්යක්ෂමතාව 96% පමණ වෙනවා.

රික්ත පොම්පයේ රූපයක් ඉහත රූපයෙන් ඔබට දැකගත හැකියි. 

ඇතුලත හා පිටත ආවරණ පහත රූපයෙන් දැකගත හැකියි.
මේකෙ ක්‍රියාවලිය මෙහෙමයි. ඇතුලත පවතින දියරය ටුබයෙන් බාගයක් පිරෙන්න තමා පුරවල තියෙන්නේ. දියරයෙන් කොටසක් තාපය උරාගෙන වාෂ්ප බවට පත් වෙනවා. වශ්පය ස්වභාවික සංවහන ක්‍රියාවලිය මගින් ඉහල යනවා. 

රික්ත පොම්පයේ තුඩ ජාල ටැංකියට ඇතුලත් කර ඇති අතර තුඩ තාප සන්නායක ද්‍රව්‍යකින් නිමවා තිබෙනවා. වාෂ්ප මගින් රැගෙන එන තාපය එහිදී ටැංකියේ ජලයට සම්ප්‍රේෂණය කරන අතර නැවත ද්‍රව බවට පත් වෙනවා. 

ඒ ද්‍රව නැවත බටය දිගේ පහලට ගමන් කරනවා. මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙනවා. එමගින් ටැංකියේ ජලය 500c තරම් ඉහල උෂ්ණත්වයකට රත් වෙනවා කියුවොත් පුදුමයි නේද? 

දවස් තුනක් ඉර පෑයුවේ නැතත් මේ ක්‍රියාවලිය සිදුවීමට තරම් තාපයක් පද්ධතිය සතු බවයි අන්තර්ජාල තොරතුරු වාර්තා කරන්නේ. සුපිරිම තාක්ෂණයක් නේද?

මේ පින්තුරෙන් වතුර ටැංකියක් සහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....
මේ පින්තුරෙන් වතුර ටැංකියක් රහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....

නිවර්තන කලාපිය රටක් වන ලංකාවේ අපිට අවුරුද්ද පුරාම දිනකට පය 8 කට වඩා කාලයක් හිරු එලිය ලැබෙන නිසා ලංකාවට මේ තාක්ෂනය ඉතාමත් සුදුසුයි. පරිසර හිතකාමී ඔබට මෙය ඉතාම සුදුසුයි. ඒ වගේම ඔබේ විදුලි බිලත් අඩු කරාවි.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Saturday, January 18, 2014

සිංහරාජයට, හෝටන් තැන්නට, රූණ කන්දට වසන්තය ගෙන පිපෙන, නෙලූ මල්....

අපි හැමදාම තාක්ෂණික දේවල් කතා කරපු නිසා වෙනසකටත් එක්ක අද සොබාදහමේ අපූරු නිර්මාණයක් වන නෙලූ මල් ගැන ඔබට කියන්නයි මේ සුදානම...

මුණු පොතේ( facebook) "සුවිසැරිය" නමින් අපි ලංකාවේ මිනිස් ඇස නොගැටුණු සුන්දර තැන් සොයා යන චාරිකාව රූණ කන්ද වන අඩවියෙන් ඇරඹුවා ඔබට මතක ඇති. ඒ ගමනේදී ඇස ගැටුණු ඒ අපූරු නෙලූ මලේ කතාව ඔබට කියන්න අපට හිතුන...


නෙලූ මල් පිපෙන්නේ අවුරුදු 12 කට වතාවක් කියල කියුවොත් ඔබට මොකද හිතෙන්නේ... පුදුමයි නේද..?
සුවි සැරියේ අපි ඒ මලේ සුන්දරත්වය දකින්න වාසනාවන්ත උනා...

ඇත්තටම මේ මල් පිපෙන්නෙ අවුරුදු 12කට වරක් පමණයි. ඒ කියන්නෙ මේ ශාකයේ ජීවන චක්‍රය අවුරුදු 12ක්. මේ ශාකය Strobilanthes කියන ශාක පවුලට අයත්. ලංකාවේ මේ ශාක විශේෂ 31ක් දැකිය හැකියි. ඉන් 26ක්ම ලංකාවට ඒක දේශික වීම විශේෂත්වයක්...
හෝර්ටන් තැන්නේ ඉන් 8ක් දැකිය හැකි අතර ඉන් 7ක්ම හෝර්ටන් තැන්නට ආවේනිකයි..
ඒ ආවේනික ශාක 7 ඔබට පහතින් දැකිය හැකියි.


  • Strobilanthes Pulcherrima
  • Strobilanthes Viscosa
  • Strobilanthes Dianadra
  • Strobilanthes Hookeri
  • Strobilanthes Sexennies
  • Strobilanthes Calycina Strobilanthes Nockii
  • Strobilanthes
 මේ ශාකය හෝර්ටන් තැන්න පුරාවට පැතිරී පවතින නිසා සුලබව දැකිය හැකියි. හෝර්ටන් තැන්න පුරාවට පිපී ඉතා සොදුරු දසුනක් මවන මේ නෙලූ මල් එයට ගෙන එන සුන්දරත්වය green technology අපේ කණ්ඩායමට දකින්න පුළුවන් උනා..

ලංකාවේ ගියවර මේ මල් පිපිලා තියෙන්නේ 2001 වසරේදී.. ඉතින් ඔයාලට මේ අවස්ථාව මේ අවුරුද්දෙ මග හැරුන නම් 2024 අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා. එත් මේක අවුරුදු 12ක් ඉදල උනත් බලන්න වටින දර්ශනයක්...

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Thursday, January 9, 2014

Ecotourism (පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය)


Ecotourism හෙවත් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව වගේ රටක අපිට හුගක් වැදගත් මාතෘකාවක්. ඒ රටේ ස්වභාව සෞන්දර්ය රැකගෙන රටට විදේශ විනිමය ගෙනෙන සංචාරක ව්‍යාපාරයත් පවත්වාගෙන යාම ඔබෙත් මගෙත් වගකීම වන නිසා....

එය මෙසේ අර්ථ දක්වනු ලබනවා. (The Definition)

"ස්වදේශකයන්ගේ සුබසාධනය වැඩි දියුණු කරන  ස්වභාවික පරිසර සංරක්ෂණයකරන ප්‍රදේශ   තුලට වගකීමක් සහිත සංචාරය"  ("responsible travel to natural areas that conserves the environment and improves the well-being of local people.") (TIES, 1990)


පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයේ නීති. (Principles of Ecotourism) 

ඔබ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නේ නම් පහත සදහන් නීති වලට ඔබ අවනත විය යුතුයි...
  • හානිය අවම කිරීම.(Minimize impact)

  • පාරිසරික හා සංස්කෘතික වැටහීම හා ගෞරවය ගොඩ නැගීම.(Build environmental and cultural awareness and respect.
  • සංචාරකයින්ට සුබදායක අත්දැකීම් ලබාදීම.(Provide positive experiences for both visitors and hosts.)
  • සංරක්ෂණය සදහා සෘජු ආර්ථිකමය ප්‍රතිලාභ ලබාදීම. (Provide direct financial benefits for conservation.)
  • දේශීය ජනතාවට ආර්ථිකමය ප්‍රතිලාභ හා බලය පැවරීම. (Provide financial benefits and empowerment for local people.)
  • දේශපාලනික, පාරිසරික හා සමාජමය වශයෙන් ධාරක රටවල් වල සංවේදීතාව නැංවීම. (Raise sensitivity to host countries' political, environmental, and social climate.)

ලංකාවේ දැනට පවතින සංචාරක ව්‍යාපාරයේ නම් මේ කරුණු දකින්න තියෙන්නේ අඩුවෙන් කියනදේ ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. නමුත් ස්වභාවික සුන්දරත්වයෙන් පරිපුර්ණ මේ දිවයින මතු පරපුරටත් එලෙසින්ම උරුම කරදීම ඔබෙත් මගෙත් වගකීමක්... ඉතින් ලංකාවේ ඉදිරි අනාගතයේදී පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් බිහිවේවා කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)



Saturday, January 4, 2014

Wind power for sri lankan hill country. ලංකාවේ කදුකරයටත් සුළං විදුලි ශක්තිය.

යාලු අද අපි ඔයාලට කියන්න යන්නෙ ලංකාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් ගැන.. ලංකාවේ ඔබත් මමත් හොදින් දන්නා ආයතනයක් වන අඹේවෙල කිරි ගොවිපල මගින් තම බලශක්ති අවශ්‍යතාව සුළං විදුලි ශක්තිය මගින් සපුරාගන්න තීරණය කර තිබෙනවා....

 පසුගිය අවුරුද්දේ දෙසැම්බර් නිවාඩුවට ලංකාවේ සුන්දරම පරිසරයක් හිමි කදුකරයට යන්න අපට අවස්ථාව ලැබුනා. ලොව ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් හිමි හෝටන් තැන්න නරබන්න අප අමතක කලේ නෑ.. ඔබට අඹේවෙල කිරි ගොවිපල හමුවන්නේ මෙන්න මේ ගමන අතරතුරේදී.. දෙපසට විහිදුනු තන පිටි අතරින් ඉදිරියට ඇදුන අපට මේ සුවිශේෂී දර්ශනය එක වරම  නෙත ගැටුනා....

 අපි මීට පෙර හම්බන්තොට සුළං විදුලි බලාගාරය දැක තිබුනත් මෙවැනි සුන්දර පරිසරයක දුටු ඒ දර්ශනය අපේ නෙත් වසග කර කිවුවොත් වඩාත් නිවැරදියි. මන්ද එය මේ පරිසරය එක්කර තිබුනේ සියැසින්ම දැකිය යුතු තරම් සුන්දරත්වයක්.



 තවමත් මේ විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කර නැහැ. සුළං පෙති වෙනත් ස්ථානයක පාවිචි කරපුවා. මොකද ඒවා අලුත්ම ඒවා නෙවෙයි කියල දකින ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒවායේ මිල අධික නිසා සමාගමකට ඒවා අලුතින්ම ගන්න අමරුයිනේ. එත් සමාගමක් හැටියට ඔවුන් තබා ඇති මේ පියවර ලංකාවේ අපි හැමෝටම අභිමානයක් වගේම ආදර්ශයක්ද සපයන මවයි අපේ හැගීම....

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Wednesday, December 18, 2013

Offshore wind power (අක් වෙරළ සුළං ශක්තිය)

මොකක්ද මේ "Offshore wind power" එහෙම නැත්නම් "අක් වෙරළ සුළං ශක්තිය" කියල කියන්නේ..? 
ඔබත් මමත් මේ වෙනකොට දන්නව ලංකාවෙත් බල ශක්තිය උත්පාදනයට සුළං ශක්තිය/බලය යොදාගන්නව කියල.. හම්බන්තොට සුළං විදුලි බලාගාරයක් තියෙනවා ඔබත් මේ වනවිට දැකල, අහල ඇති..

 නමුත් "අක් වෙරළ සුළං ශක්තිය"  චුට්ටක් වෙනස්. මුලිකම වෙනස තමයි මේවා තියෙන්නෙ සගරයෙ...

සාගරයේ සුළං පෙති සවි කිරීම, ගොඩබිම සුළං පෙති සවිකරනවට වඩා වියදම් අධික දෙයක්. එහෙනම් ඇයි එහෙම කරන්නේ? හේතුව මේකයි.. 

විද්‍යාඥයින් කියන විදිහට ගොඩබිමට වඩා මුහුදේ සුළගේ වේගය වැඩියි. ඒ නිසයි සුළං පෙති මුහුදෙ සවිකරන්නෙ. මෙම බලශක්ති උත්පාදන ස්ථානයක් හදුන්වන්නෙ "wind farm" එහෙමත් නැත්නම් "සුළං ගොවිපලක්" කියන නමින්. "සුළං ගොවිපලක්" නිර්මාණය කරන ඡායාරුප පෙළක් පහතින් ඔබට දැක ගන්න පුළුවන්...


බැලූ බැල්මට මේවා දියේ පාවෙනවා වගේ පෙනුනට ඇත්තටම සාගර පත්ලට සවි කරලයි තියෙන්නෙ.. මේ පින්තුරෙන් ඔයාලට සුළං පෙත්තක් සාගර පතුලට සවිකරන විවිධ ආකාර බලාගන්න පුළුවන්.

දැනට ලොව විශාලතම සුළං ගොවිපල London Array ලෙස හදුන්වන අතර එහි බල ශක්ති නිපැයුම 1,000 MW පමණ වනවා..

2013 ජුනි මාසය වනවිට යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 6,040 MW ක් වන බව අන්තර්ජාල තොරතුරු සදහන් කරනවා...

2010 දී උතුරු යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 3.16 GW ක්...

                        

2014 වන විට ඇමරිකාව හා ජර්මනිය මේ තාක්ෂනය යොදාගෙන බල ශක්තිය නිෂ්පාදනයේ පෙරමුණ ලබාගනු ඇතැයි අපේක්ෂා කරන අතර නිපදවීමට බලාපොරොත්තු වන බල ශක්තිය 16 GW වන බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඒ වගේම 2020 වනවිට ඇමරිකාව හා චීනය ද ඇතුලත්ව ලොව සම්පුර්ණ බලශක්තියට මෙහි දායකත්වය 75 GW වෙ යැයි පවසනවා...

ලංකාවෙත් වටේටම මුහුද තියෙන නිසා ලංකාවටත් මේ ක්‍රමය සුදුසුයි. අනාගතේ දවසක ලංකාවෙත් මේ ක්‍රමයට බල ශක්තිය නිපදවනව බලන්න ලැබේවා කියා පාර්ථනා කරමු නේද.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)







Saturday, December 14, 2013

Fuel Cell (ඉන්ධන කෝෂය)

අද අපි කතා කරන්න යන්නෙ "Electric Car" එහෙමත් නැත්නම් "විදුලි බලයෙන් ක්‍රියා කරන කාර්"  එකකක එන්ජිමේ කොටසක් පිලිබදව.. ඊට කලින් අපි චුට්ටක් බලමු මේ කාර් එක මොකක්ද කියල. මේ පින්තුරෙන් ඔබට එය බලාගන්න පුළුවන්...

මෙයත් පරිසර හිතකාමී වාහනයක්. ඉන්ධනය තමා විදුලිය. නමුත් බැටරියක් නෑ. කොහොමද එහෙම වෙන්නෙ? බැටරියක් තියෙන්නම ඕන යාලු.. ඔයාල අහාවි අනිවාර්යයෙන්ම... 

ඔවු. මේකෙ බැටරියක් නෑ තමා. ඒ වෙනුවට තියෙන්නෙ ඉන්ධන කෝෂයක්. මේ දෙකේ සම්බන්දෙ මොකක්ද? ඉන්ධන කෝෂයක් ක්‍රියාකරන්නෙ කොහොමද? කියල අපි පොඩ්ඩක් හොයල බලමු නේද?


"ඉන්ධන කෝෂය" ක රුපයක් තමා මේ...





මෙය ඇමරිකාවේ නිෂ්පාදනයක්. ඉන්ධන කෝෂය නිපදවීමට හා වැඩි දියුණු කිරීමට ඇමරිකානු රජය මේ දක්වා ඇමරිකන් ඩොලර් බිලියනයකටත් වැඩි මුදලක් වැය කර ඇති බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඉන්ධන කෝෂ හදුන්වන්නේ polymer electrolyte membrane fuel cells (PEMFC) කියන නමින්..
ඉන්ධන කෝෂයක් කියන්නෙ electrochemical energy conversion device එකක්. එහෙම නැත්නම් විද්‍යුත් රසායනික ශක්ති පරිවර්තක උපකරණයක්... ඉන්ධන විදිහට යොදාගන්නෙ හයිඩ්රිජන් සහ ඔක්ෂිජන්. රසායනික ක්‍රියාවලියේ අවසාන ඵලය ලෙස පිටවෙන්නෙ ජලය.. ඉස්තරම්ම පරිසර හිතකාමී උපකරණයක් නේද?..

ඉන්ධන කෝෂයක් සහිත කරයක ඉන්ධන ලබාගන්නා ආකාරය..
අපි ඉන්ධන හලකින් පෙට්‍රල් හෝ ඩිසල් ලබාගන්නව වගේ මේ වාහනයට ලබාගන්නෙ හයිඩ්රිජන්. වාතයෙන් ඔක්ෂිජන් ලබගන්නව. 

ඉන්ධන කෝෂයක් හරියට බැටරියක් වගේ තමා. බැටරියක එයට අවශ්‍ය රසායනික සංයෝග එය තුලම ගබඩා කරල තියෙන්නෙ. එම රසායනික සංයෝග මගින් විදුලිය නිපදවෙනවා. ඒ කියන්නේ බැටරිය බහිනවා.. එවිට ඔබට බැටරිය විසි කරන්න හෝ නැවත recharge කරන්න වෙනවා. 


නමුත් ඉන්ධන කෝෂයක සිදුවන්නෙ එයට අවැසි රසායනික සංයෝග නිරන්තරයෙන් ඒකාකාරිව ලබාදීමයි. එයින් බහින්නේ නැති බැටරියක් ඔබට ලබාදෙනවා.. නියමයි නේද? ඉතා සුළු වියදමකින් ඔබේ වාහනය ක්‍රියා කරවන්න පුළුවන්.. 100% පරිසර හිතකාමියි... 

ඉතින් මේ වගේ අලුත් ලෝකේ අලුත් තොරතුරක් අරන් ඔයාලගේ සොදුරු ලෝකයට පිවිසෙන තුරු ආයුබෝවන්! ඔබට ජය!

සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර