Saturday, December 14, 2013

Fuel Cell (ඉන්ධන කෝෂය)

අද අපි කතා කරන්න යන්නෙ "Electric Car" එහෙමත් නැත්නම් "විදුලි බලයෙන් ක්‍රියා කරන කාර්"  එකකක එන්ජිමේ කොටසක් පිලිබදව.. ඊට කලින් අපි චුට්ටක් බලමු මේ කාර් එක මොකක්ද කියල. මේ පින්තුරෙන් ඔබට එය බලාගන්න පුළුවන්...

මෙයත් පරිසර හිතකාමී වාහනයක්. ඉන්ධනය තමා විදුලිය. නමුත් බැටරියක් නෑ. කොහොමද එහෙම වෙන්නෙ? බැටරියක් තියෙන්නම ඕන යාලු.. ඔයාල අහාවි අනිවාර්යයෙන්ම... 

ඔවු. මේකෙ බැටරියක් නෑ තමා. ඒ වෙනුවට තියෙන්නෙ ඉන්ධන කෝෂයක්. මේ දෙකේ සම්බන්දෙ මොකක්ද? ඉන්ධන කෝෂයක් ක්‍රියාකරන්නෙ කොහොමද? කියල අපි පොඩ්ඩක් හොයල බලමු නේද?


"ඉන්ධන කෝෂය" ක රුපයක් තමා මේ...





මෙය ඇමරිකාවේ නිෂ්පාදනයක්. ඉන්ධන කෝෂය නිපදවීමට හා වැඩි දියුණු කිරීමට ඇමරිකානු රජය මේ දක්වා ඇමරිකන් ඩොලර් බිලියනයකටත් වැඩි මුදලක් වැය කර ඇති බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඉන්ධන කෝෂ හදුන්වන්නේ polymer electrolyte membrane fuel cells (PEMFC) කියන නමින්..
ඉන්ධන කෝෂයක් කියන්නෙ electrochemical energy conversion device එකක්. එහෙම නැත්නම් විද්‍යුත් රසායනික ශක්ති පරිවර්තක උපකරණයක්... ඉන්ධන විදිහට යොදාගන්නෙ හයිඩ්රිජන් සහ ඔක්ෂිජන්. රසායනික ක්‍රියාවලියේ අවසාන ඵලය ලෙස පිටවෙන්නෙ ජලය.. ඉස්තරම්ම පරිසර හිතකාමී උපකරණයක් නේද?..

ඉන්ධන කෝෂයක් සහිත කරයක ඉන්ධන ලබාගන්නා ආකාරය..
අපි ඉන්ධන හලකින් පෙට්‍රල් හෝ ඩිසල් ලබාගන්නව වගේ මේ වාහනයට ලබාගන්නෙ හයිඩ්රිජන්. වාතයෙන් ඔක්ෂිජන් ලබගන්නව. 

ඉන්ධන කෝෂයක් හරියට බැටරියක් වගේ තමා. බැටරියක එයට අවශ්‍ය රසායනික සංයෝග එය තුලම ගබඩා කරල තියෙන්නෙ. එම රසායනික සංයෝග මගින් විදුලිය නිපදවෙනවා. ඒ කියන්නේ බැටරිය බහිනවා.. එවිට ඔබට බැටරිය විසි කරන්න හෝ නැවත recharge කරන්න වෙනවා. 


නමුත් ඉන්ධන කෝෂයක සිදුවන්නෙ එයට අවැසි රසායනික සංයෝග නිරන්තරයෙන් ඒකාකාරිව ලබාදීමයි. එයින් බහින්නේ නැති බැටරියක් ඔබට ලබාදෙනවා.. නියමයි නේද? ඉතා සුළු වියදමකින් ඔබේ වාහනය ක්‍රියා කරවන්න පුළුවන්.. 100% පරිසර හිතකාමියි... 

ඉතින් මේ වගේ අලුත් ලෝකේ අලුත් තොරතුරක් අරන් ඔයාලගේ සොදුරු ලෝකයට පිවිසෙන තුරු ආයුබෝවන්! ඔබට ජය!

සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර

No comments:

Post a Comment