Thursday, December 12, 2013

Renewable energy- Tidal power (උදම් ශක්තිය)

නැවත අලුත් කල හැකි ශක්ති ප්‍රභව භාවිතය ඔබටත් මටත් අලුත් කාරණාවක් නෙවෙයි.. ඔබට මතක ඇති අපි "Geothermal energy" "භුමි තාප ශක්තිය"... ගැන කතා කලා. අද අපි කතා කරන්න යන්නෙ උදම් ශක්තිය ගැන..

 ඔබ මොනවද උදම් ශක්තිය ගැන දන්නෙ? උදම් ශක්තියෙන් එහෙම නැත්නම් වඩදිය බාදිය යොදාගෙන කොහොමද බල ශක්තිය නිපදවන්නේ? ඇත්තටම ඒක කරන්න පුළුවන් වැඩක්ද? හොයල බලමු නේද?

"සුර්ය ශක්තිය" හා "සුළං ශක්තිය" සමග සංසන්දනය කරල බලන කොට "උදම් ශක්තිය" ගැන පෙරයීම් කල හැකි බවයි විද්‍යාඥයන් පවසන්නෙ. විද්‍යාවේදී එය වාසියක්.

නමුත් මෙය ටිකක් මිල අධික ක්‍රියාවලියක්. විස්තාපන වියදම ටිකක් වැඩියි. උදම් රළ ප්‍රවාහ ලොව සෑම ප්‍රදේශයකටම එක ලෙස නොලැබීමත්, ඒවායේ ප්‍රවේගයන් විවිධ වීමත් මෙම ක්‍රමය ප්‍රචලිතවීම අඩු වීමට හේතු ලෙස දක්වන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ගත්කල එය ලාබදායි ශක්ති උත්පාදන ක්‍රමයක්.


දැන් අපි බලමු මේකෙ ක්‍රියාවලිය කොහොමද කියල...

මුලිකවම මෙහිදී සිදුවෙන්නෙ ටර්බයිනයක ක්‍රියාවලිය. ටර්බයින සවිකරල තියෙන්නෙ දිය යට උදම් රළ ගලන දිශාවට මුහුණලා. උදම් රළ ශක්තිය යොදාගෙන ටර්බයින කරකැවීමට සලස්වල විදුලිය නිපදවීමයි සිදුවෙන්නෙ..

උදම් රළ ඉතින් මුළු දවසෙම තියෙන දෙයක්යැ? ඕකෙන් කොහොමද විදුලිය නිපදවන්නෙ? ඔයාල අහාවි.. 

ඇත්ත තමයි. මේ විදිහට නම් විදුලිය නිපදවන්න වෙන්නෙ දවසටම පැය කීපයක් විතරයි. ඒ ප්‍රශ්නෙ විසදන්නෙ මෙහෙමයි.. 

මෑත අතීතයේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් වෙරළ තිරයේ "උදම් මෝල" කියල උපකරණයක් භාවිතා කරල තියෙනව.. එකේ ක්‍රියාවලිය තමයි දවල් කාලෙට විදුලිය නිපදවන්න යොදාගන්නෙ..මේ පින්තුරෙන් Tide mill හෙවත් "උදම් මෝල" බලාගන්න පුළුවන්..


 මේ පින්තුරෙන් එම තාක්ෂණයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ඔබට බලාගන්න පුළුවන්..

                                     

මෙහිදී උදම් රළ හරහා පැමිණෙන ජලය ටර්බයින සවිකළ නල හරහා ගමන් කරවා විදුලිය නිපදවනව. නල වලින් පිටවන ජලය වේල්ලක් හරහා ගොස් ගබඩා කර ගැනීමක් සිදුවෙනවා. උදම් රළ නවතිනවිට නල වලට ජලය ඇතුළු වන දොරටු ස්වයංක්‍රීයව වැසීයනව.. පසුව ගබඩා කරගත් ජලය ක්‍රමානුකුලව ටර්බයින හරහා මුහුදට නිකුත් කර විදුලිය නිපදවනවා..

බලන්න මුළු ක්‍රියාවලියම සිදුවන්නෙ පීඩන අනුක්‍රමණයක් යටතේ.. ශක්තියක් වැයවන්නේ නෑ.. 100% පරිසර හිතකාමී ක්‍රියාවලියක්..

මෙම තාක්ෂණය දැනටමත් ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් භාවිතා කරනව.. ලංකාවේ අපිටත් මෙවැනි පිරිසිදු බල ශක්තියක් ලැබෙන්න කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

No comments:

Post a Comment