පස දුෂණයවීම් පිළිබද අවස්ථා කීපයක්ම පහුගිය දවස් ටිකේ අපිට අහන්න ලැබුන.. ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා ඔබට මතක ඇති.. ලිං වල ජලය භාවිතයට නුසුදුසු තත්වයට පත් උනා. ඒ ප්‍රදේශයේ මිනිසුන් පානිය ජලය නොමැතිව මහත් අපහසු තාවයකට පත් උනා.... ඉතින් මේ වගේ අවස්ථාවක අඩුම තරමේ මොකක්ද කරන්න ඕන කියලවත් දැනගෙන ඉන්න එක වටිනව..
ඇතැම් අවස්ථා වල කර්මාන්ත ශාලා වලින් හෝ වෙනත් ක්‍රමයකින් පසට එක වර විශාල පරිසර දුෂක ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන්.. ඒවා බොහෝවිට එකතු වෙන්නෙ රසායනික සංයෝග විදිහට.. ගබඩා කරල තියෙන ටැංකි වල සිදුවන කාන්දුවීම් එක් උදාහරණයක්..
ඔබේ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා යැයි හිතමු.. ඔබ මොකද කරන්නේ?
ඔබ පළමුව අදාල රජයේ අංශ දැනුවත් කල යුතුයි. මොකද හරියටම දැනගන්න ඕන රසායනික සංයෝගයක් පසට නිකුත් වෙලාද? උනා නම් ඒ කොහෙන්ද? කොහොමද? කියල...
අදාළ රජයේ අංශ වල නිලධාරින් විසින් එම ස්ථාන පරික්ෂා කරල අවශ්‍ය පිළියම් යොදන්න කටයුතු කරාවි.
දැන් අපි බලමු මේ භුමිය නැවත සකස් කිරීමේ කටයුත්ත කොහොමද වෙන්නෙ කියල..
Site assessment හෙවත් භුමිය නිර්ණය කිරීම.
මෙහිදී භුමිය නිරීක්ෂණය කරන අතර දුෂකය කොපමණ දුරට පැතිර පවතීද යන්න සොයා බලනු ලබනව. එය භූගත ජලයට එක්වී ඇත්ද? එසේ භූගත ජලය කොපමණ දුරකට පැතිර පවතීද? වැනි කාරණා මෙහිදී සොයා බලනු ලබනව.
Mapping remediation හෙවත් පිළිපැයීම සිතියම් ගත කිරීම
මේ සදහා විවිධ උපකරණ යොදාගන්නව. උදාහරණයක් විදිහට TOXMAP හදුන්වාදෙන්න පුළුවන්.
Remediation technologies හෙවත් පිළිපැයිමේ තාක්ෂිනක ක්‍රම.
තාක්ෂණික ක්‍රම කීපයක්ම තියෙනව පස නැවත යථා තත්වයට පත් කරන්න..
Thermal desorption
- Excavation or dredging
- SEAR - surfactant enhanced aquifer remediation
- Pump and treat
- Solidification and stabilization
- situ oxidation Soil vapor extraction
මෙසේ පස පිරිසිදු කිරීමට පෙර සහ පසු අවස්ථා ඔබට පහත රුපයෙන් බලාගන්න පුළුවන්..
ඉතින් මේ ලිපියෙන් ඔබට මේ කාරණාව සම්බන්දයෙන් යම් දැනුමක් ලැබුන නම් එයයි මගේ සතුට... තවත් ලිපියකින් හමුවෙන තුරු ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)
No comments:
Post a Comment