Wednesday, December 18, 2013

Offshore wind power (අක් වෙරළ සුළං ශක්තිය)

මොකක්ද මේ "Offshore wind power" එහෙම නැත්නම් "අක් වෙරළ සුළං ශක්තිය" කියල කියන්නේ..? 
ඔබත් මමත් මේ වෙනකොට දන්නව ලංකාවෙත් බල ශක්තිය උත්පාදනයට සුළං ශක්තිය/බලය යොදාගන්නව කියල.. හම්බන්තොට සුළං විදුලි බලාගාරයක් තියෙනවා ඔබත් මේ වනවිට දැකල, අහල ඇති..

 නමුත් "අක් වෙරළ සුළං ශක්තිය"  චුට්ටක් වෙනස්. මුලිකම වෙනස තමයි මේවා තියෙන්නෙ සගරයෙ...

සාගරයේ සුළං පෙති සවි කිරීම, ගොඩබිම සුළං පෙති සවිකරනවට වඩා වියදම් අධික දෙයක්. එහෙනම් ඇයි එහෙම කරන්නේ? හේතුව මේකයි.. 

විද්‍යාඥයින් කියන විදිහට ගොඩබිමට වඩා මුහුදේ සුළගේ වේගය වැඩියි. ඒ නිසයි සුළං පෙති මුහුදෙ සවිකරන්නෙ. මෙම බලශක්ති උත්පාදන ස්ථානයක් හදුන්වන්නෙ "wind farm" එහෙමත් නැත්නම් "සුළං ගොවිපලක්" කියන නමින්. "සුළං ගොවිපලක්" නිර්මාණය කරන ඡායාරුප පෙළක් පහතින් ඔබට දැක ගන්න පුළුවන්...


බැලූ බැල්මට මේවා දියේ පාවෙනවා වගේ පෙනුනට ඇත්තටම සාගර පත්ලට සවි කරලයි තියෙන්නෙ.. මේ පින්තුරෙන් ඔයාලට සුළං පෙත්තක් සාගර පතුලට සවිකරන විවිධ ආකාර බලාගන්න පුළුවන්.

දැනට ලොව විශාලතම සුළං ගොවිපල London Array ලෙස හදුන්වන අතර එහි බල ශක්ති නිපැයුම 1,000 MW පමණ වනවා..

2013 ජුනි මාසය වනවිට යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 6,040 MW ක් වන බව අන්තර්ජාල තොරතුරු සදහන් කරනවා...

2010 දී උතුරු යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 3.16 GW ක්...

                        

2014 වන විට ඇමරිකාව හා ජර්මනිය මේ තාක්ෂනය යොදාගෙන බල ශක්තිය නිෂ්පාදනයේ පෙරමුණ ලබාගනු ඇතැයි අපේක්ෂා කරන අතර නිපදවීමට බලාපොරොත්තු වන බල ශක්තිය 16 GW වන බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඒ වගේම 2020 වනවිට ඇමරිකාව හා චීනය ද ඇතුලත්ව ලොව සම්පුර්ණ බලශක්තියට මෙහි දායකත්වය 75 GW වෙ යැයි පවසනවා...

ලංකාවෙත් වටේටම මුහුද තියෙන නිසා ලංකාවටත් මේ ක්‍රමය සුදුසුයි. අනාගතේ දවසක ලංකාවෙත් මේ ක්‍රමයට බල ශක්තිය නිපදවනව බලන්න ලැබේවා කියා පාර්ථනා කරමු නේද.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)







No comments:

Post a Comment