Thursday, January 30, 2014

Solar water heating System- සුර්ය ජල තාපක

Solar water heating System හෙවෙත් සුර්ය ජල තාපක අද හැමෝම කතාවෙන මාතෘකාවක්.. ඒ මොකද කියල යම්කිසි අදහසක් මේ වෙනකොට අපි හැමෝටම තියෙනවා.. නමුත් මේකෙ යාන්ත්‍රණය මොකක්ද කියල හොයල බලන එක ගොඩක් වැදගත්. එමගින් ඔබේ දැනුම වර්ධනය වෙනව වගේම ඔබේ මුදලුත් ඉතිරි කරගන්න පුළුවන්....

මේ රූපයෙන් දැක්වෙන්නේ දැනට පවතින නවීනතම සුර්ය ජල තපකයයි. සාමාන්‍යයෙන් සුර්ය තපක වල පවතින සුර්ය පැනල, බැටරි යම් කාලයකට පසු ප්‍රතිස්ථාපනය කල යුතුයි. එසේ කලත් ඒවායේ කාර්යක්ෂමතාවය අඩු මට්ටමක තමා තියෙන්නේ. 

නමුත් මේ නවීන  සුර්ය ජල තපකයේ සුර්ය පැනල නෑ. බැටරි නෑ. ඒ නිසා ඒවා ප්‍රතිස්ථාපනය කිරීම වැනි ක්‍රියා වලට ඔබේ මුදල් වැයවන්නේ නෑ. කාර්යක්ෂමතාවය ඉතා ඉහලයි.
මේ රූපයෙන් දැක්වෙන්නෙ නවීන සුර්ය ජල තපකයක් සවිකරන අයුරුයි...

නැනෝ තාක්ෂනය මේ නවීන සුර්ය ජල තපකය සතු වෙනවා. එය තුල පවතින ද්‍රවය නිපදවා තියෙන්නෙ නැනෝ තාක්ෂනය භාවිතයෙන්. 
පළමු රුපයේ පරිදි ඉහලින්ම තියෙන්නෙ වතුර ටැංකිය. එයට සවි වෙන බට රාශියක් ඔබට පහලින් පෙනෙනවා ඇති. ඒවායේ පිටත ආවරණය සුදු යකඩ හා තඹ යොදා නිපදවන අතර එමගින් අධෝරක්ත කිරණ පරාවර්තනය කරනු ලබනවා. 

ඇතුලතින් පවතින ඇලුමිනියම් නයිට්‍රයිඩ් ස්තරය තාපය අවශෝෂණය කරගන්නවා. ඊට අමතරව අවශෝෂණය කරගත් තාපය පිටවීම නැවැත්වීමට නිකල් හෝ ටයිටේනියම් ස්තරයක් යොදාගන්නවා.
ඉහත සතර තුනෙන් යුතු ආවරණය ඇතුලතින් පවතින රික්ත පොම්පයට 500c පමණ උෂ්ණත්වයකට රත් වීමට අවකාශය සපයාදෙන අතර නිරාවරණ වර්ගඵලය වැඩිකරමින් වැඩි ආයුෂ ප්‍රමාණයක්ද ලබාදෙනවා.මෙහි කාර්යක්ෂමතාව 96% පමණ වෙනවා.

රික්ත පොම්පයේ රූපයක් ඉහත රූපයෙන් ඔබට දැකගත හැකියි. 

ඇතුලත හා පිටත ආවරණ පහත රූපයෙන් දැකගත හැකියි.
මේකෙ ක්‍රියාවලිය මෙහෙමයි. ඇතුලත පවතින දියරය ටුබයෙන් බාගයක් පිරෙන්න තමා පුරවල තියෙන්නේ. දියරයෙන් කොටසක් තාපය උරාගෙන වාෂ්ප බවට පත් වෙනවා. වශ්පය ස්වභාවික සංවහන ක්‍රියාවලිය මගින් ඉහල යනවා. 

රික්ත පොම්පයේ තුඩ ජාල ටැංකියට ඇතුලත් කර ඇති අතර තුඩ තාප සන්නායක ද්‍රව්‍යකින් නිමවා තිබෙනවා. වාෂ්ප මගින් රැගෙන එන තාපය එහිදී ටැංකියේ ජලයට සම්ප්‍රේෂණය කරන අතර නැවත ද්‍රව බවට පත් වෙනවා. 

ඒ ද්‍රව නැවත බටය දිගේ පහලට ගමන් කරනවා. මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙනවා. එමගින් ටැංකියේ ජලය 500c තරම් ඉහල උෂ්ණත්වයකට රත් වෙනවා කියුවොත් පුදුමයි නේද? 

දවස් තුනක් ඉර පෑයුවේ නැතත් මේ ක්‍රියාවලිය සිදුවීමට තරම් තාපයක් පද්ධතිය සතු බවයි අන්තර්ජාල තොරතුරු වාර්තා කරන්නේ. සුපිරිම තාක්ෂණයක් නේද?

මේ පින්තුරෙන් වතුර ටැංකියක් සහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....
මේ පින්තුරෙන් වතුර ටැංකියක් රහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....

නිවර්තන කලාපිය රටක් වන ලංකාවේ අපිට අවුරුද්ද පුරාම දිනකට පය 8 කට වඩා කාලයක් හිරු එලිය ලැබෙන නිසා ලංකාවට මේ තාක්ෂනය ඉතාමත් සුදුසුයි. පරිසර හිතකාමී ඔබට මෙය ඉතාම සුදුසුයි. ඒ වගේම ඔබේ විදුලි බිලත් අඩු කරාවි.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

No comments:

Post a Comment