Saturday, January 18, 2014

සිංහරාජයට, හෝටන් තැන්නට, රූණ කන්දට වසන්තය ගෙන පිපෙන, නෙලූ මල්....

අපි හැමදාම තාක්ෂණික දේවල් කතා කරපු නිසා වෙනසකටත් එක්ක අද සොබාදහමේ අපූරු නිර්මාණයක් වන නෙලූ මල් ගැන ඔබට කියන්නයි මේ සුදානම...

මුණු පොතේ( facebook) "සුවිසැරිය" නමින් අපි ලංකාවේ මිනිස් ඇස නොගැටුණු සුන්දර තැන් සොයා යන චාරිකාව රූණ කන්ද වන අඩවියෙන් ඇරඹුවා ඔබට මතක ඇති. ඒ ගමනේදී ඇස ගැටුණු ඒ අපූරු නෙලූ මලේ කතාව ඔබට කියන්න අපට හිතුන...


නෙලූ මල් පිපෙන්නේ අවුරුදු 12 කට වතාවක් කියල කියුවොත් ඔබට මොකද හිතෙන්නේ... පුදුමයි නේද..?
සුවි සැරියේ අපි ඒ මලේ සුන්දරත්වය දකින්න වාසනාවන්ත උනා...

ඇත්තටම මේ මල් පිපෙන්නෙ අවුරුදු 12කට වරක් පමණයි. ඒ කියන්නෙ මේ ශාකයේ ජීවන චක්‍රය අවුරුදු 12ක්. මේ ශාකය Strobilanthes කියන ශාක පවුලට අයත්. ලංකාවේ මේ ශාක විශේෂ 31ක් දැකිය හැකියි. ඉන් 26ක්ම ලංකාවට ඒක දේශික වීම විශේෂත්වයක්...
හෝර්ටන් තැන්නේ ඉන් 8ක් දැකිය හැකි අතර ඉන් 7ක්ම හෝර්ටන් තැන්නට ආවේනිකයි..
ඒ ආවේනික ශාක 7 ඔබට පහතින් දැකිය හැකියි.


  • Strobilanthes Pulcherrima
  • Strobilanthes Viscosa
  • Strobilanthes Dianadra
  • Strobilanthes Hookeri
  • Strobilanthes Sexennies
  • Strobilanthes Calycina Strobilanthes Nockii
  • Strobilanthes
 මේ ශාකය හෝර්ටන් තැන්න පුරාවට පැතිරී පවතින නිසා සුලබව දැකිය හැකියි. හෝර්ටන් තැන්න පුරාවට පිපී ඉතා සොදුරු දසුනක් මවන මේ නෙලූ මල් එයට ගෙන එන සුන්දරත්වය green technology අපේ කණ්ඩායමට දකින්න පුළුවන් උනා..

ලංකාවේ ගියවර මේ මල් පිපිලා තියෙන්නේ 2001 වසරේදී.. ඉතින් ඔයාලට මේ අවස්ථාව මේ අවුරුද්දෙ මග හැරුන නම් 2024 අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා. එත් මේක අවුරුදු 12ක් ඉදල උනත් බලන්න වටින දර්ශනයක්...

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

No comments:

Post a Comment