Saturday, July 18, 2015

Green computing - හරිත පරිඝණක කරණය

ඔන්න යාලු අදත් මං හරිත ලොවින් බිඳක් රැගෙන අවා ඔබේ ආලින්දයට.. අද අපි කතා කරන්න යන්නෙ " හරිත පරිඝණක කරණය" කියන බොහොම හුරු පුරුදු මාතෘකාවක් ගැන. හරිත පරිඝණක කරණය යනුවෙන් හදුන්වන්නෙ ඇත්තටම "concept" එකක් හෙවත් සංකල්පයක්. එය අර්ථ දක්වන්නේ "පාරිසරික වගකීමක් සහ පාරිසරික හිතකාමී, පරිඝණක සහ ඒවායේ සම්පත් භාවිතයයි." 

එය මෙසේද අර්ථ දක්වනවා.

  "අවම පාරිසරික බලපෑමක් සිදුවන පරිදි පරිඝණක නිර්මාණ සැලසුම් කරණය, නිෂ්පාදනය, භාවිතය සහ බැහැරකිරීම යන කරණා පිලිබඳ අධ්‍යනය හරිත පරිඝණක කාරණයයි."(  the study of designing, manufacturing/engineering, using and disposing of computing devices in a way that reduces their environmental impact.) 

"Green computing හෙවත් හරිත පරිගණක කරණය" බිහිවන්නේ 1992 වසරෙදී. ඒ " the Environmental Protection Agency (EPA)" නම් සමාගම "Energy Star program" සංකල්පය බිහිකිරීමත් සමග. එයට හේතුව වන්නේ බොහෝ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සමාගම් දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රතිපලයක් හැටියට. 


ඔවුන් බොහෝ විට උත්සහ ගත්තේ 

  • අඩු ශක්ති භාවිතා කරන කාර්යක්ෂම පරිඝණක උපකරණ නිපදවීම. 
  • අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ මූලද්‍රවය පරිඝණක උපකරණ වලින් ඉවත් කිරීම සහ අවභාවිතය.
  • සුදුසු ප්‍රසිස්තාපන අඩු විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ මූලද්‍රවය පරිඝණක උපකරණ සදහා යොදාගැනීම. 
  • සහ ඒවායේ ප්‍රතිචක්‍රීකරණය.
  • පරිඝණක සහ ඒවායේ උපකරණ බැහැර කිරීමේදී අවම පරිසර හානිය.
 වැනි කාරණාවන්. 

"Green computing හෙවත් හරිත පරිගණක කරණය" information technology (green IT) ලෙසින්ද හදුන්වනවා.

වර්තමානයේ මෙම සංකල්පයේ ප්‍රධාන පැතිකඩ හතරක් හදුන්වාදී තිබෙනවා.


  • Green use: පරිසර හිතකාමී භාවිතය: Minimizing the electricity consumption of computers and their peripheral devices and using them in an eco-friendly manner

  • Green disposal: පරිසර හිතකාමී බැහැරකිරීම: Re-purposing an existing computer or appropriately disposing of, or recycling, unwanted electronic equipment

  • Green design:පරිසර හිතකාමී නිර්මාණ කරණය"  Designing energy-efficient computers, servers, printers, projectors and other digital devices

  • Green manufacturing: පරිසර හිතකාමී නිෂ්පාදනය: Minimizing waste during the manufacturing of computers and other subsystems to reduce the environmental impact of these activities




ඔබත් පරිසරයට ආදරය කරණ, එය මතු පරපුර වෙනුවෙන් රැකගතයුතු බව විශ්වාසකරන පුත්ගලයෙකු නම් ඔබත් මෙම සංකල්පය භාවිතා කරන්න.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

1 comment:

  1. බොහොම හොඳ Post එකක් සිතුම්.දැන් ගොඩක් සමාගම් සහ ආයතන Green Computing වලට යොමුවීටම් ප්‍රවණතාවක් තියෙනව. මෑතකදි Greenpeace සංවිධානය මේගැන වාර්තාවක් නිකුත් කලා.මේකෙදි වැඩියක්ම සලකල තියෙන්නෙ විශාල සේවා ප්‍රමාණයක් සපයන Google, Apple, Amazon වගේ ආයතන වල Green Computing වලට තියෙන නැබුරුව.

    වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවන්.
    http://www.greenpeace.org/international/en/publications/Campaign-reports/Climate-Reports/How-Clean-is-Your-Cloud/

    ReplyDelete