මං අද ඔයාලට අරන් ආවේ ටිකක් රසවත් වගේම ප්‍රයෝජනවත් මාතෘකාවක්... අපි හැමෝගෙම හීනයක් තමා අනාගතේ දවසක සොඳුරු නිවසක හිමිකරුවෙක්, හිමිකාරියක් වීම.. අද කලේ වියදම් එක්ක එක ටිකක් අමාරු වැඩක්.. පරිසර හිතකාමී නිවසක් මගින් ඒ වියදම අඩු කරගන්න පුළුවන් කියල ඔබ දන්නවද?
කොහොම නමුත් මේ වනවිට "පරිසර හිතකාමී නිවාස" කියන මාතෘකාව ඔබටත් මටත් අලුත් දෙයක් නෙවේ.. ඇත්තටම මොනවද මේ පරිසර හිතකාමී නිවසක් කියල කියන්නෙ? මොකක්ද වෙනස? හුඟ දෙනෙක් දන්නෙ නැතුව ඇති. ඒ නිසා ඒ ගැන ටිකක් හොයල බලමු නේද?
පරිසර හිතකාමී නිවසක් හදුන්වන්නෙ," low energy house" නැත්නම් "අඩු ශක්ති භාවිතයක් පවතින නිවසක්" කියන සංකල්පය මත. මොකද අඩු ශක්ති භාවිතයක් පවතින නිවසක් කියන්නෙ බල ශක්තිය ඉතිරි කරන ස්ථානයක්. බල ශක්තිය ඉතිරි කරන ස්ථානයක් කියන්නේ පරිසර දුෂණය අවම කරන ස්ථානයක්. (මොකද දැනට ලොව බල ශක්තිය නිපදවන්න භාවිතා කරන ක්‍රම මගින් සිදුවන පරිසර දුෂණය අති විශාලයි)...
දැන් අපි බලමු කොහොමද මෙවැනි නිවසක් හදාගන්නේ කියල...
පියවර 1
Find an energy calculator to assess your current energy usage: මෙමගින් ඔබගේ නිවසේ ශක්ති අවශ්‍යතාව මැනගන්න පුළුවන්..
පියවර 2
Install skylights in your roof: මෙමගින් දවල් කාලය තුල නිවස සම්පුර්ණයෙන්ම ආලෝකමත් කරගන්න පුළුවන්.
පියවර 3
Install solar panels: සුර්ය පැනල භාවිතා කිරීම මගින් නිවසට අවැසි ශක්තියෙන් යම් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්..
පියවර 4
Use low wattage light bulbs: අඩු ශක්තියකින් වැඩි ආලෝකයක් සපයන බල්බ භාවිතා කිරීම මගින් නිවසේ ශක්ති පරිභෝජනය අවම කරගන්න පුළුවන්..
පියවර 5
Consider using motion sensor light bulbs for both indoors and outdoors: චලන සංවේදී බල්බ භාවිතා කිරීම මගින් අනවශ්‍ය අවස්ථාවල බල්බ දල්වා තැබීමෙන් සිදුවන ශක්ති හානිය වලක්වා ගන්න පුළුවන්..
පියවර 6
Choose low flow toilet mechanisms: වැසිකිලි සදහා අවම ජල ප්‍රමාණයක් භාවිතා කරන උපාංග සවිකිරීම මගින් සාමාන්‍ය ජල පරිභෝජනය අවම කරගන්න පුළුවන්..
ඇත්තටම මේ පියවර අනුගමනය කලොත් ඔයාලටත් අඩු වියදමක් සහිත පරිසර හිතකාමී නිවසකට හිමිකම් කියන්න පුළුවන් වෙයි කියල මං විශ්වාස කරනව...
ලංකාව වගේ සොදුරු රටක ඉපදිච්ච අපේ වගකීම ඒ සුන්දරත්වය ආරක්ෂා කිරීම කියලයි මගේ විශ්වාසය. ඉතින් ඔබේ නිවසක අවශ්‍යතාවය අවට සුන්දරත්වය ආරක්ෂා කරගෙනම ඉෂ්ට කරගන්න මේ ලිපිය ඉවහල් වෙයි කියල ඔයාලට හිතුන නම් ඒ තමි මගේ සතුට..
තවත් අරුත්බර ලිපියකින් හමුවෙමු.. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)
No comments:
Post a Comment