Saturday, January 18, 2014

සිංහරාජයට, හෝටන් තැන්නට, රූණ කන්දට වසන්තය ගෙන පිපෙන, නෙලූ මල්....

අපි හැමදාම තාක්ෂණික දේවල් කතා කරපු නිසා වෙනසකටත් එක්ක අද සොබාදහමේ අපූරු නිර්මාණයක් වන නෙලූ මල් ගැන ඔබට කියන්නයි මේ සුදානම...

මුණු පොතේ( facebook) "සුවිසැරිය" නමින් අපි ලංකාවේ මිනිස් ඇස නොගැටුණු සුන්දර තැන් සොයා යන චාරිකාව රූණ කන්ද වන අඩවියෙන් ඇරඹුවා ඔබට මතක ඇති. ඒ ගමනේදී ඇස ගැටුණු ඒ අපූරු නෙලූ මලේ කතාව ඔබට කියන්න අපට හිතුන...


නෙලූ මල් පිපෙන්නේ අවුරුදු 12 කට වතාවක් කියල කියුවොත් ඔබට මොකද හිතෙන්නේ... පුදුමයි නේද..?
සුවි සැරියේ අපි ඒ මලේ සුන්දරත්වය දකින්න වාසනාවන්ත උනා...

ඇත්තටම මේ මල් පිපෙන්නෙ අවුරුදු 12කට වරක් පමණයි. ඒ කියන්නෙ මේ ශාකයේ ජීවන චක්‍රය අවුරුදු 12ක්. මේ ශාකය Strobilanthes කියන ශාක පවුලට අයත්. ලංකාවේ මේ ශාක විශේෂ 31ක් දැකිය හැකියි. ඉන් 26ක්ම ලංකාවට ඒක දේශික වීම විශේෂත්වයක්...
හෝර්ටන් තැන්නේ ඉන් 8ක් දැකිය හැකි අතර ඉන් 7ක්ම හෝර්ටන් තැන්නට ආවේනිකයි..
ඒ ආවේනික ශාක 7 ඔබට පහතින් දැකිය හැකියි.


  • Strobilanthes Pulcherrima
  • Strobilanthes Viscosa
  • Strobilanthes Dianadra
  • Strobilanthes Hookeri
  • Strobilanthes Sexennies
  • Strobilanthes Calycina Strobilanthes Nockii
  • Strobilanthes
 මේ ශාකය හෝර්ටන් තැන්න පුරාවට පැතිරී පවතින නිසා සුලබව දැකිය හැකියි. හෝර්ටන් තැන්න පුරාවට පිපී ඉතා සොදුරු දසුනක් මවන මේ නෙලූ මල් එයට ගෙන එන සුන්දරත්වය green technology අපේ කණ්ඩායමට දකින්න පුළුවන් උනා..

ලංකාවේ ගියවර මේ මල් පිපිලා තියෙන්නේ 2001 වසරේදී.. ඉතින් ඔයාලට මේ අවස්ථාව මේ අවුරුද්දෙ මග හැරුන නම් 2024 අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා. එත් මේක අවුරුදු 12ක් ඉදල උනත් බලන්න වටින දර්ශනයක්...

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Thursday, January 9, 2014

Ecotourism (පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය)


Ecotourism හෙවත් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව වගේ රටක අපිට හුගක් වැදගත් මාතෘකාවක්. ඒ රටේ ස්වභාව සෞන්දර්ය රැකගෙන රටට විදේශ විනිමය ගෙනෙන සංචාරක ව්‍යාපාරයත් පවත්වාගෙන යාම ඔබෙත් මගෙත් වගකීම වන නිසා....

එය මෙසේ අර්ථ දක්වනු ලබනවා. (The Definition)

"ස්වදේශකයන්ගේ සුබසාධනය වැඩි දියුණු කරන  ස්වභාවික පරිසර සංරක්ෂණයකරන ප්‍රදේශ   තුලට වගකීමක් සහිත සංචාරය"  ("responsible travel to natural areas that conserves the environment and improves the well-being of local people.") (TIES, 1990)


පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයේ නීති. (Principles of Ecotourism) 

ඔබ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නේ නම් පහත සදහන් නීති වලට ඔබ අවනත විය යුතුයි...
  • හානිය අවම කිරීම.(Minimize impact)

  • පාරිසරික හා සංස්කෘතික වැටහීම හා ගෞරවය ගොඩ නැගීම.(Build environmental and cultural awareness and respect.
  • සංචාරකයින්ට සුබදායක අත්දැකීම් ලබාදීම.(Provide positive experiences for both visitors and hosts.)
  • සංරක්ෂණය සදහා සෘජු ආර්ථිකමය ප්‍රතිලාභ ලබාදීම. (Provide direct financial benefits for conservation.)
  • දේශීය ජනතාවට ආර්ථිකමය ප්‍රතිලාභ හා බලය පැවරීම. (Provide financial benefits and empowerment for local people.)
  • දේශපාලනික, පාරිසරික හා සමාජමය වශයෙන් ධාරක රටවල් වල සංවේදීතාව නැංවීම. (Raise sensitivity to host countries' political, environmental, and social climate.)

ලංකාවේ දැනට පවතින සංචාරක ව්‍යාපාරයේ නම් මේ කරුණු දකින්න තියෙන්නේ අඩුවෙන් කියනදේ ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. නමුත් ස්වභාවික සුන්දරත්වයෙන් පරිපුර්ණ මේ දිවයින මතු පරපුරටත් එලෙසින්ම උරුම කරදීම ඔබෙත් මගෙත් වගකීමක්... ඉතින් ලංකාවේ ඉදිරි අනාගතයේදී පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් බිහිවේවා කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)



Saturday, January 4, 2014

Wind power for sri lankan hill country. ලංකාවේ කදුකරයටත් සුළං විදුලි ශක්තිය.

යාලු අද අපි ඔයාලට කියන්න යන්නෙ ලංකාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් ගැන.. ලංකාවේ ඔබත් මමත් හොදින් දන්නා ආයතනයක් වන අඹේවෙල කිරි ගොවිපල මගින් තම බලශක්ති අවශ්‍යතාව සුළං විදුලි ශක්තිය මගින් සපුරාගන්න තීරණය කර තිබෙනවා....

 පසුගිය අවුරුද්දේ දෙසැම්බර් නිවාඩුවට ලංකාවේ සුන්දරම පරිසරයක් හිමි කදුකරයට යන්න අපට අවස්ථාව ලැබුනා. ලොව ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් හිමි හෝටන් තැන්න නරබන්න අප අමතක කලේ නෑ.. ඔබට අඹේවෙල කිරි ගොවිපල හමුවන්නේ මෙන්න මේ ගමන අතරතුරේදී.. දෙපසට විහිදුනු තන පිටි අතරින් ඉදිරියට ඇදුන අපට මේ සුවිශේෂී දර්ශනය එක වරම  නෙත ගැටුනා....

 අපි මීට පෙර හම්බන්තොට සුළං විදුලි බලාගාරය දැක තිබුනත් මෙවැනි සුන්දර පරිසරයක දුටු ඒ දර්ශනය අපේ නෙත් වසග කර කිවුවොත් වඩාත් නිවැරදියි. මන්ද එය මේ පරිසරය එක්කර තිබුනේ සියැසින්ම දැකිය යුතු තරම් සුන්දරත්වයක්.



 තවමත් මේ විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කර නැහැ. සුළං පෙති වෙනත් ස්ථානයක පාවිචි කරපුවා. මොකද ඒවා අලුත්ම ඒවා නෙවෙයි කියල දකින ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒවායේ මිල අධික නිසා සමාගමකට ඒවා අලුතින්ම ගන්න අමරුයිනේ. එත් සමාගමක් හැටියට ඔවුන් තබා ඇති මේ පියවර ලංකාවේ අපි හැමෝටම අභිමානයක් වගේම ආදර්ශයක්ද සපයන මවයි අපේ හැගීම....

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Wednesday, December 18, 2013

Offshore wind power (අක් වෙරළ සුළං ශක්තිය)

මොකක්ද මේ "Offshore wind power" එහෙම නැත්නම් "අක් වෙරළ සුළං ශක්තිය" කියල කියන්නේ..? 
ඔබත් මමත් මේ වෙනකොට දන්නව ලංකාවෙත් බල ශක්තිය උත්පාදනයට සුළං ශක්තිය/බලය යොදාගන්නව කියල.. හම්බන්තොට සුළං විදුලි බලාගාරයක් තියෙනවා ඔබත් මේ වනවිට දැකල, අහල ඇති..

 නමුත් "අක් වෙරළ සුළං ශක්තිය"  චුට්ටක් වෙනස්. මුලිකම වෙනස තමයි මේවා තියෙන්නෙ සගරයෙ...

සාගරයේ සුළං පෙති සවි කිරීම, ගොඩබිම සුළං පෙති සවිකරනවට වඩා වියදම් අධික දෙයක්. එහෙනම් ඇයි එහෙම කරන්නේ? හේතුව මේකයි.. 

විද්‍යාඥයින් කියන විදිහට ගොඩබිමට වඩා මුහුදේ සුළගේ වේගය වැඩියි. ඒ නිසයි සුළං පෙති මුහුදෙ සවිකරන්නෙ. මෙම බලශක්ති උත්පාදන ස්ථානයක් හදුන්වන්නෙ "wind farm" එහෙමත් නැත්නම් "සුළං ගොවිපලක්" කියන නමින්. "සුළං ගොවිපලක්" නිර්මාණය කරන ඡායාරුප පෙළක් පහතින් ඔබට දැක ගන්න පුළුවන්...


බැලූ බැල්මට මේවා දියේ පාවෙනවා වගේ පෙනුනට ඇත්තටම සාගර පත්ලට සවි කරලයි තියෙන්නෙ.. මේ පින්තුරෙන් ඔයාලට සුළං පෙත්තක් සාගර පතුලට සවිකරන විවිධ ආකාර බලාගන්න පුළුවන්.

දැනට ලොව විශාලතම සුළං ගොවිපල London Array ලෙස හදුන්වන අතර එහි බල ශක්ති නිපැයුම 1,000 MW පමණ වනවා..

2013 ජුනි මාසය වනවිට යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 6,040 MW ක් වන බව අන්තර්ජාල තොරතුරු සදහන් කරනවා...

2010 දී උතුරු යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 3.16 GW ක්...

                        

2014 වන විට ඇමරිකාව හා ජර්මනිය මේ තාක්ෂනය යොදාගෙන බල ශක්තිය නිෂ්පාදනයේ පෙරමුණ ලබාගනු ඇතැයි අපේක්ෂා කරන අතර නිපදවීමට බලාපොරොත්තු වන බල ශක්තිය 16 GW වන බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඒ වගේම 2020 වනවිට ඇමරිකාව හා චීනය ද ඇතුලත්ව ලොව සම්පුර්ණ බලශක්තියට මෙහි දායකත්වය 75 GW වෙ යැයි පවසනවා...

ලංකාවෙත් වටේටම මුහුද තියෙන නිසා ලංකාවටත් මේ ක්‍රමය සුදුසුයි. අනාගතේ දවසක ලංකාවෙත් මේ ක්‍රමයට බල ශක්තිය නිපදවනව බලන්න ලැබේවා කියා පාර්ථනා කරමු නේද.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)







Saturday, December 14, 2013

Fuel Cell (ඉන්ධන කෝෂය)

අද අපි කතා කරන්න යන්නෙ "Electric Car" එහෙමත් නැත්නම් "විදුලි බලයෙන් ක්‍රියා කරන කාර්"  එකකක එන්ජිමේ කොටසක් පිලිබදව.. ඊට කලින් අපි චුට්ටක් බලමු මේ කාර් එක මොකක්ද කියල. මේ පින්තුරෙන් ඔබට එය බලාගන්න පුළුවන්...

මෙයත් පරිසර හිතකාමී වාහනයක්. ඉන්ධනය තමා විදුලිය. නමුත් බැටරියක් නෑ. කොහොමද එහෙම වෙන්නෙ? බැටරියක් තියෙන්නම ඕන යාලු.. ඔයාල අහාවි අනිවාර්යයෙන්ම... 

ඔවු. මේකෙ බැටරියක් නෑ තමා. ඒ වෙනුවට තියෙන්නෙ ඉන්ධන කෝෂයක්. මේ දෙකේ සම්බන්දෙ මොකක්ද? ඉන්ධන කෝෂයක් ක්‍රියාකරන්නෙ කොහොමද? කියල අපි පොඩ්ඩක් හොයල බලමු නේද?


"ඉන්ධන කෝෂය" ක රුපයක් තමා මේ...





මෙය ඇමරිකාවේ නිෂ්පාදනයක්. ඉන්ධන කෝෂය නිපදවීමට හා වැඩි දියුණු කිරීමට ඇමරිකානු රජය මේ දක්වා ඇමරිකන් ඩොලර් බිලියනයකටත් වැඩි මුදලක් වැය කර ඇති බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඉන්ධන කෝෂ හදුන්වන්නේ polymer electrolyte membrane fuel cells (PEMFC) කියන නමින්..
ඉන්ධන කෝෂයක් කියන්නෙ electrochemical energy conversion device එකක්. එහෙම නැත්නම් විද්‍යුත් රසායනික ශක්ති පරිවර්තක උපකරණයක්... ඉන්ධන විදිහට යොදාගන්නෙ හයිඩ්රිජන් සහ ඔක්ෂිජන්. රසායනික ක්‍රියාවලියේ අවසාන ඵලය ලෙස පිටවෙන්නෙ ජලය.. ඉස්තරම්ම පරිසර හිතකාමී උපකරණයක් නේද?..

ඉන්ධන කෝෂයක් සහිත කරයක ඉන්ධන ලබාගන්නා ආකාරය..
අපි ඉන්ධන හලකින් පෙට්‍රල් හෝ ඩිසල් ලබාගන්නව වගේ මේ වාහනයට ලබාගන්නෙ හයිඩ්රිජන්. වාතයෙන් ඔක්ෂිජන් ලබගන්නව. 

ඉන්ධන කෝෂයක් හරියට බැටරියක් වගේ තමා. බැටරියක එයට අවශ්‍ය රසායනික සංයෝග එය තුලම ගබඩා කරල තියෙන්නෙ. එම රසායනික සංයෝග මගින් විදුලිය නිපදවෙනවා. ඒ කියන්නේ බැටරිය බහිනවා.. එවිට ඔබට බැටරිය විසි කරන්න හෝ නැවත recharge කරන්න වෙනවා. 


නමුත් ඉන්ධන කෝෂයක සිදුවන්නෙ එයට අවැසි රසායනික සංයෝග නිරන්තරයෙන් ඒකාකාරිව ලබාදීමයි. එයින් බහින්නේ නැති බැටරියක් ඔබට ලබාදෙනවා.. නියමයි නේද? ඉතා සුළු වියදමකින් ඔබේ වාහනය ක්‍රියා කරවන්න පුළුවන්.. 100% පරිසර හිතකාමියි... 

ඉතින් මේ වගේ අලුත් ලෝකේ අලුත් තොරතුරක් අරන් ඔයාලගේ සොදුරු ලෝකයට පිවිසෙන තුරු ආයුබෝවන්! ඔබට ජය!

සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර

Thursday, December 12, 2013

Renewable energy- Tidal power (උදම් ශක්තිය)

නැවත අලුත් කල හැකි ශක්ති ප්‍රභව භාවිතය ඔබටත් මටත් අලුත් කාරණාවක් නෙවෙයි.. ඔබට මතක ඇති අපි "Geothermal energy" "භුමි තාප ශක්තිය"... ගැන කතා කලා. අද අපි කතා කරන්න යන්නෙ උදම් ශක්තිය ගැන..

 ඔබ මොනවද උදම් ශක්තිය ගැන දන්නෙ? උදම් ශක්තියෙන් එහෙම නැත්නම් වඩදිය බාදිය යොදාගෙන කොහොමද බල ශක්තිය නිපදවන්නේ? ඇත්තටම ඒක කරන්න පුළුවන් වැඩක්ද? හොයල බලමු නේද?

"සුර්ය ශක්තිය" හා "සුළං ශක්තිය" සමග සංසන්දනය කරල බලන කොට "උදම් ශක්තිය" ගැන පෙරයීම් කල හැකි බවයි විද්‍යාඥයන් පවසන්නෙ. විද්‍යාවේදී එය වාසියක්.

නමුත් මෙය ටිකක් මිල අධික ක්‍රියාවලියක්. විස්තාපන වියදම ටිකක් වැඩියි. උදම් රළ ප්‍රවාහ ලොව සෑම ප්‍රදේශයකටම එක ලෙස නොලැබීමත්, ඒවායේ ප්‍රවේගයන් විවිධ වීමත් මෙම ක්‍රමය ප්‍රචලිතවීම අඩු වීමට හේතු ලෙස දක්වන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ගත්කල එය ලාබදායි ශක්ති උත්පාදන ක්‍රමයක්.


දැන් අපි බලමු මේකෙ ක්‍රියාවලිය කොහොමද කියල...

මුලිකවම මෙහිදී සිදුවෙන්නෙ ටර්බයිනයක ක්‍රියාවලිය. ටර්බයින සවිකරල තියෙන්නෙ දිය යට උදම් රළ ගලන දිශාවට මුහුණලා. උදම් රළ ශක්තිය යොදාගෙන ටර්බයින කරකැවීමට සලස්වල විදුලිය නිපදවීමයි සිදුවෙන්නෙ..

උදම් රළ ඉතින් මුළු දවසෙම තියෙන දෙයක්යැ? ඕකෙන් කොහොමද විදුලිය නිපදවන්නෙ? ඔයාල අහාවි.. 

ඇත්ත තමයි. මේ විදිහට නම් විදුලිය නිපදවන්න වෙන්නෙ දවසටම පැය කීපයක් විතරයි. ඒ ප්‍රශ්නෙ විසදන්නෙ මෙහෙමයි.. 

මෑත අතීතයේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් වෙරළ තිරයේ "උදම් මෝල" කියල උපකරණයක් භාවිතා කරල තියෙනව.. එකේ ක්‍රියාවලිය තමයි දවල් කාලෙට විදුලිය නිපදවන්න යොදාගන්නෙ..මේ පින්තුරෙන් Tide mill හෙවත් "උදම් මෝල" බලාගන්න පුළුවන්..


 මේ පින්තුරෙන් එම තාක්ෂණයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ඔබට බලාගන්න පුළුවන්..

                                     

මෙහිදී උදම් රළ හරහා පැමිණෙන ජලය ටර්බයින සවිකළ නල හරහා ගමන් කරවා විදුලිය නිපදවනව. නල වලින් පිටවන ජලය වේල්ලක් හරහා ගොස් ගබඩා කර ගැනීමක් සිදුවෙනවා. උදම් රළ නවතිනවිට නල වලට ජලය ඇතුළු වන දොරටු ස්වයංක්‍රීයව වැසීයනව.. පසුව ගබඩා කරගත් ජලය ක්‍රමානුකුලව ටර්බයින හරහා මුහුදට නිකුත් කර විදුලිය නිපදවනවා..

බලන්න මුළු ක්‍රියාවලියම සිදුවන්නෙ පීඩන අනුක්‍රමණයක් යටතේ.. ශක්තියක් වැයවන්නේ නෑ.. 100% පරිසර හිතකාමී ක්‍රියාවලියක්..

මෙම තාක්ෂණය දැනටමත් ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් භාවිතා කරනව.. ලංකාවේ අපිටත් මෙවැනි පිරිසිදු බල ශක්තියක් ලැබෙන්න කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Tuesday, December 10, 2013

Land Remediation ("බිම් පිළිපැයීම" හෙවත් භුමිය නැවත සකස් කිරීම )

"භුමිය නැවත සකස් කිරීම" කියන්නේ අපිට නම් එචර හුරු දෙයක් නෙවෙයි නේද? එත් ඒ ගැන අපිට දැනගන්න කාලෙ ඇවිත් කියලයි මට හිතෙන්නෙ.. හේතුව මෙන්න මේකයි.. මිනිස් ක්‍රියාකාරකම් නිසා පස දූෂණය වීම ඔබත් මමත් දන්නා කරුණක්.. නමුත් දිගින් දිගටම සිදුවන මෙම පස දූෂණය වීම තව දුරටත් පසට දරාගන්න බැරි තරමටම වැඩිවෙලා.. ඉතින් මේ පස යලිත් පෙර තත්වයට පත් කරන්නේ කොහොමද කියල හොයන එක අපේ උතුකමක් වගේම වගකීමක්..

පස දුෂණයවීම් පිළිබද අවස්ථා කීපයක්ම පහුගිය දවස් ටිකේ අපිට අහන්න ලැබුන.. ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා ඔබට මතක ඇති.. ලිං වල ජලය භාවිතයට නුසුදුසු තත්වයට පත් උනා. ඒ ප්‍රදේශයේ මිනිසුන් පානිය ජලය නොමැතිව මහත් අපහසු තාවයකට පත් උනා.... ඉතින් මේ වගේ අවස්ථාවක අඩුම තරමේ මොකක්ද කරන්න ඕන කියලවත් දැනගෙන ඉන්න එක වටිනව..

ඇතැම් අවස්ථා වල කර්මාන්ත ශාලා වලින් හෝ වෙනත් ක්‍රමයකින් පසට එක වර විශාල පරිසර දුෂක ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන්.. ඒවා බොහෝවිට එකතු වෙන්නෙ රසායනික සංයෝග විදිහට.. ගබඩා කරල තියෙන ටැංකි වල සිදුවන කාන්දුවීම් එක් උදාහරණයක්..

ඔබේ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා යැයි හිතමු.. ඔබ මොකද කරන්නේ?

ඔබ පළමුව අදාල රජයේ අංශ දැනුවත් කල යුතුයි. මොකද හරියටම දැනගන්න ඕන රසායනික සංයෝගයක් පසට නිකුත් වෙලාද? උනා නම් ඒ කොහෙන්ද? කොහොමද? කියල...
අදාළ රජයේ අංශ වල නිලධාරින් විසින් එම ස්ථාන පරික්ෂා කරල අවශ්‍ය පිළියම් යොදන්න කටයුතු කරාවි.

දැන් අපි බලමු මේ භුමිය නැවත සකස් කිරීමේ කටයුත්ත කොහොමද වෙන්නෙ කියල..

Site assessment හෙවත් භුමිය නිර්ණය කිරීම.

මෙහිදී භුමිය නිරීක්ෂණය කරන අතර දුෂකය කොපමණ දුරට පැතිර පවතීද යන්න සොයා බලනු ලබනව. එය භූගත ජලයට එක්වී ඇත්ද? එසේ භූගත ජලය කොපමණ දුරකට පැතිර පවතීද? වැනි කාරණා මෙහිදී සොයා බලනු ලබනව.

Mapping remediation හෙවත් පිළිපැයීම සිතියම් ගත කිරීම 

මේ සදහා විවිධ උපකරණ යොදාගන්නව. උදාහරණයක් විදිහට TOXMAP  හදුන්වාදෙන්න පුළුවන්.

Remediation technologies හෙවත් පිළිපැයිමේ තාක්ෂිනක ක්‍රම. 



  • තාක්ෂණික ක්‍රම කීපයක්ම තියෙනව පස නැවත යථා තත්වයට පත් කරන්න..

  • Thermal desorption

මෙසේ පස පිරිසිදු කිරීමට පෙර සහ පසු අවස්ථා ඔබට පහත රුපයෙන් බලාගන්න පුළුවන්..


ඉතින් මේ ලිපියෙන් ඔබට මේ කාරණාව සම්බන්දයෙන් යම් දැනුමක් ලැබුන නම් එයයි මගේ සතුට... තවත්  ලිපියකින් හමුවෙන තුරු ආයුබෝවන් .. ඔබට ජය!

(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)