Saturday, July 18, 2015

Green computing - හරිත පරිඝණක කරණය

ඔන්න යාලු අදත් මං හරිත ලොවින් බිඳක් රැගෙන අවා ඔබේ ආලින්දයට.. අද අපි කතා කරන්න යන්නෙ " හරිත පරිඝණක කරණය" කියන බොහොම හුරු පුරුදු මාතෘකාවක් ගැන. හරිත පරිඝණක කරණය යනුවෙන් හදුන්වන්නෙ ඇත්තටම "concept" එකක් හෙවත් සංකල්පයක්. එය අර්ථ දක්වන්නේ "පාරිසරික වගකීමක් සහ පාරිසරික හිතකාමී, පරිඝණක සහ ඒවායේ සම්පත් භාවිතයයි." 

එය මෙසේද අර්ථ දක්වනවා.

  "අවම පාරිසරික බලපෑමක් සිදුවන පරිදි පරිඝණක නිර්මාණ සැලසුම් කරණය, නිෂ්පාදනය, භාවිතය සහ බැහැරකිරීම යන කරණා පිලිබඳ අධ්‍යනය හරිත පරිඝණක කාරණයයි."(  the study of designing, manufacturing/engineering, using and disposing of computing devices in a way that reduces their environmental impact.) 

"Green computing හෙවත් හරිත පරිගණක කරණය" බිහිවන්නේ 1992 වසරෙදී. ඒ " the Environmental Protection Agency (EPA)" නම් සමාගම "Energy Star program" සංකල්පය බිහිකිරීමත් සමග. එයට හේතුව වන්නේ බොහෝ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සමාගම් දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රතිපලයක් හැටියට. 


ඔවුන් බොහෝ විට උත්සහ ගත්තේ 

  • අඩු ශක්ති භාවිතා කරන කාර්යක්ෂම පරිඝණක උපකරණ නිපදවීම. 
  • අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ මූලද්‍රවය පරිඝණක උපකරණ වලින් ඉවත් කිරීම සහ අවභාවිතය.
  • සුදුසු ප්‍රසිස්තාපන අඩු විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ මූලද්‍රවය පරිඝණක උපකරණ සදහා යොදාගැනීම. 
  • සහ ඒවායේ ප්‍රතිචක්‍රීකරණය.
  • පරිඝණක සහ ඒවායේ උපකරණ බැහැර කිරීමේදී අවම පරිසර හානිය.
 වැනි කාරණාවන්. 

"Green computing හෙවත් හරිත පරිගණක කරණය" information technology (green IT) ලෙසින්ද හදුන්වනවා.

වර්තමානයේ මෙම සංකල්පයේ ප්‍රධාන පැතිකඩ හතරක් හදුන්වාදී තිබෙනවා.


  • Green use: පරිසර හිතකාමී භාවිතය: Minimizing the electricity consumption of computers and their peripheral devices and using them in an eco-friendly manner

  • Green disposal: පරිසර හිතකාමී බැහැරකිරීම: Re-purposing an existing computer or appropriately disposing of, or recycling, unwanted electronic equipment

  • Green design:පරිසර හිතකාමී නිර්මාණ කරණය"  Designing energy-efficient computers, servers, printers, projectors and other digital devices

  • Green manufacturing: පරිසර හිතකාමී නිෂ්පාදනය: Minimizing waste during the manufacturing of computers and other subsystems to reduce the environmental impact of these activities




ඔබත් පරිසරයට ආදරය කරණ, එය මතු පරපුර වෙනුවෙන් රැකගතයුතු බව විශ්වාසකරන පුත්ගලයෙකු නම් ඔබත් මෙම සංකල්පය භාවිතා කරන්න.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Wednesday, March 18, 2015

ගුගල් සමාගමේ තවත් පරිසර හිතකාමී පියවරක් - GOOGLE BIODOME: NEW HEADQUARTERS TO BLEND WITH ENVIRONMENT

මාර්තු 2 දින ගුගල් සමගම විසින් ඔවුන්ගේ නවතම ප්‍රධාන ගොඩනැගිල්ලේ සැලසුම ලොවට ඉදිරිපත් කලා. එය ඉදිකිරීමට නියමිත වන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ..
සැලසුම නිර්මාණය කර ඇත්තේ BIG හි  Ingels හා Heatherwick හි Thomas Heatherwick විසින්..
ඔවුන් පවසන ආකාරයට මේ සැලසුම සරල සහ විශිෂ්ඨ ඝනයේ එකකක්. ඒවගේම එය මනසේ සුනම්යතාව මත පදනම්වුවක්.. ඔවුන්ගේ ස්වයං පාලක කාර් වල සිට ඉංජිනේරු විද්‍යාගාර සහ තාක්ෂණික කාර්යාල දක්වා සුදුසු වැඩබිම් පරිශ්‍රයක අවශ්‍යතාව මුලික කරගෙන ඉතා ඉක්මනින් එය සදා නිමකිරීමට ගුගල් සමාගම බලාපොරොත්තු වෙනවා.
සම්පුර්ණ සයිට් එකම ආලෝකය විනිවිද යන භූමිතික වියනකින් ආවරණය වෙනවා.. ඒ ස්ථිර තාප්ප, බිත්ති සහ සිවිලිම් වෙනුවට. සියල්ල නිමවීමට නියමිතව ඇත්තේ පහසුවෙන් ඉවත් කළහැකි ද්‍රව්‍ය වලින්. මෙහි ඇතුලත විශාල ප්‍රදේශයක් අලංකාරවත් මොඩියුල වලින් පිරවීමට නියමිතයි. ඊට අමතරව අලංකාරවත් භූ දර්ශන, ශාක, ආපන ශාලා සහ පාපැදි මාවත් වලින් සමන්විතයි. 

ගුගල් සමාගම මෙම ගොඩනැගිල්ල සැලසුම් කර ඇත්තේ එහි බොහෝ ප්‍රදේශ වලට සාමාන්‍ය ජනයාට ළඟාවිය හැකි අයුරින් වීම විශේෂත්වයක්. ඒ වගේම ඔවුන් භාවිතාකරන Bloom Energy Bloom energy සම්බන්ධයෙන් අපි මිට පෙර ඔබට ලිපියක් රැගෙන අවා ඔබට මතක ඇති. ඔවුන් මේ වයපෘතියටද එවැනි නැවත පුනර්ජනනය වන ශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමටත් සුදානම්...

ඔවුන් ඒ පිලිබඳ මෙසේ පවසනවා.. 
“Of course, this project is about much more than just office space; it’s about doing more with the local community as well. So we’re adding lots of bike paths and retail opportunities, like restaurants, for local businesses. We also hope to bring new life to the unique local environment, from enhancing burrowing owl habitats to widening creek beds. And we’re committed to do everything we can to save energy—our recent agreement to offset our energy consumption in North Bayshore with renewable energy includes the development of this proposal.”
ඔබට මතු දිනෙක මෙහි සේවය කරන්න අවස්ථාවක්  ලැබුනොත්.. මොහොතක් සිතන්න.. ඔබ ගන්නා තීරණය කුමක්ද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Tuesday, March 17, 2015

විදුලිය නිපදවන ටයරයක්..




ඔන්න යාලු අද මං ඔයාලට අරන් ආව ලෝකෙට අලුතෙන් එක් වීමට නියමිත නවතම ටයරයක් ගැන..
මෙය තවම සංකල්පයක් පමණයි. 2015 පැවතී  Geneva International Motor Show සදහා The Goodyear Tire & Rubber සමාගම ඉදිරිපත් කල මේ ටයරය BH03 ලෙසින් හදුන්වනු ලබනවා

මේ රැඩිකල් සංකල්පික ටයරය plug-in electric කාර් සහ hybrid වාහන ව්‍යාපාරයට තදින්ම බලපානු ඇති බවයි පැවසෙන්නේ. මේ ටයරයේ තවත් විශේෂත්වයක් වන්නේ එයට ස්ථිතික සහ ගතික යන දෙයාකාරයටම විදුලිය නිපදවන්න පුළුවන් වීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. මේ ටයරයේ යොදා ඇති අමුද්‍රව්‍ය වලට වාහනය චලනය වුවත් නොවුවත් තාපය නිපදවේනම් එය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කල හැකියි.

මේ ටයරයට මේවද අඩංගු බව The Goodyear Tire & Rubber සමාගම පවසනවා...



  • Ultra black texture to absorb heat from light
  • Thermo-/piezoelectric material
  • Structure cooling system
  • Heat absorbing tread
කෙසේ නමුත් දැනට ගැටළු දෙකක් මේ ටයරය සම්බන්ධයෙන් ඉදිරිපත්වී තිබෙනවා.
  • ටයරය ස්ථාපනයෙන් පසු කොපමණ විදුලියක් එමගින් නිපදවේදැයි සොයාගත නොහැකි වීම.
  • වෙළඳපොළේ මේ ටයරයේ මිල කොපමණ වේද ?
යන්නයි..
කෙසේ නමුත් මේ ටයර් බොහෝවිට නුදුරු අනාගතයේ අපේ වෙළඳපොළේද දක්නට ලැබේවි නේද... ?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Tuesday, September 16, 2014

Bloom Energy- ලොවට නවතම ශක්ති ප්‍රභවයක්...

ඔන්න යාලු අද නම් අපි කතා කරන්න යන්නේ උණු උණුවෙම ලොවට හදුන්වා දුන්නු සුපිරිම "Bloom Energy" තාක්ෂනය ගැන ඔබට කියන්න. ඔබට මතක ඇති අපි Fuel Cell (ඉන්ධන කෝෂය) ගැන ඔබට ලිපියක් රැගෙන අවා. මේක තමයි ඒ තාක්ෂණයේ අලුත්ම පියවර..


මෙය  "solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක්".  මෙමගින් ඔබට පිරිසිදු, අඛණ්ඩ, අවශ්‍ය ප්‍රමාණයක ශක්තිය ලබාගත හැකියි. ඔබට මතක ඇති අපි හයිඩ්රිජන් ඉන්ධන කෝෂය ගැන කතා කළා. මේ ඉන්ධන කෝෂය තුන් විදිහකින් හයිඩ්රිජන් ඉන්ධන කෝෂයෙන් වෙනස් වෙනවා.

1.අඩු වියදම් අමු ද්‍රව්‍ය භාවිතය- Low cost materials
මෙහි විඛාදනය වන අම්ල හෝ ප්ලැටිනම් වෙනුවට භාවිතා වන්නේ සාමාන්‍ය වැලි..

2.අධික විද්‍යුත් කාර්යක්ෂමතාවය- High electrical efficiency
මෙහි ඉන්ධන විද්‍යුත් පරිවර්තන කාර්යක්ෂමතාවය සාමාන්‍ය අගය මෙන් දෙගුණයක්.

3. ඉන්ධන සුනමයතාව- Fuel flexibility
මේ සදහා පුනර්ජනනය වන  හෝ එසේ නොවන පොසිල ඉන්ධන හෝ භාවිතා කල හැකියි.

එක් bloom energy server එකක් 200kw  ක ශක්තියක් නිපදවනවා. එය නිවාස හෝ කාර්යයාල 160කට ප්‍රමාණවත් ශක්තියක් දිව රෑ පුරාවට සපයනවා. ඒ වගේම එයට අවශ්‍ය වෙන්නේ ඉතාම කුඩා අවකාශයක්.

"solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක" පරිණාමය මෙසේයි..

"solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක" ක්‍රියාකාරීත්වය මෙසේයි..

ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක් ක්‍රියා කරන්නෙ ඉතා ඉහල උෂ්ණත්වයකදී.(සාමාන්‍යයෙන් 800c ටත් ඉහල අගයක) එය කාර්යක්ෂමතාවය වැඩි වීමට වගේම ඉන්ධන සුනමයතාවයටද හේතු වෙනවා.මෙය ගොඩනැගීම අභියෝගයක්. නමුත් එය සැබෑවක් වෙන්නේ bloom නිසා.

ඔබට ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක ක්‍රියාකාරීත්වය බලන්න අවශ්‍ය නම් මේ වීඩියෝව බලන්න. Solid Oxide Fuel Cell-ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂය

bloom ශක්තිය භාවිතා කිරීමේ වාසි..

  • විසිරුණු ශක්ති ප්‍රභවයක් වීම.-distributed power
  • අදික කාර්යක්ෂමතාවය.-high electrical efficiencies
  • ඉන්ධන සුනම්‍යතාව.- fuel flexibility
  • පැය 24 පුරාවට ශක්තිය සැපයිය හැකිවීම.-Bloom's Energy Servers can produce clean energy 24 hours per day, 365 days per year
  • ඉතා පහසුවෙන් හා ඉකමනින් ස්ථානගත කල හැකි වීම.-easy and fast deployment
  • ජලය භාවිතා නොකිරීම.-No Water Use
  • අනාගත යෙදීම්.-Future Applications
දැනට ලොව සුප්‍රකට ආයතන වන google හා ebay හා වෙනත් ආයතන ගණනාවක් මෙම ශක්ති ප්‍රභවය භාවිතා කරනවා. මේ ඒ ආයතන..

ඔබත් මාත් වෙසෙන මේ ශ්‍රී ලංකාවෙත් නුදුරු දිනක මෙවැනි පරිසිදු ශක්ති ප්‍රභවයක් දකින්න ලැබේවා කියල ප්ර්තන කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Thursday, September 11, 2014

මුහුදු ජලය පවිත්‍රීකරණය හෙවත් (Turn Salt Water Into Drinking Water)

ඔන්න යාලු අද අපි කතා කරන්න යන්නෙ මුහුදු ජලය පවිත්‍රීකරණය හෙවත් (Turn Salt Water Into Drinking Water) ගැන..

මේ මාතෘකාවත් වර්තමානයේ කතා බහට ලක්වෙන්නෙ ලොව උග්‍ර ජල අර්බුධයක් පවතින නිසාවෙන්. දිනෙන් දින වැඩි වෙන ලෝක ජනගහනය හමුවේ ඉතා සීමිතව පවතින පිරිසිදු ජල සම්පත තර්ජනයකට ලක්වෙනවා. පුත්ගලයෙකුට පිරිසිදු ජලයට ලගා වීමට ඇති හැකියාව දිනෙන් දින අඩුවෙනවා. ඒ විතරක් නෙවේ. විද්‍යාඥයින්ගේ මතය නම් අනාගතයේ පිරිසිදු ජල සම්පත මුල් කරගත් යුද්ධ පවා ඇති විය හැකි බවයි..

ලොව ජනගහනයෙන් 17% කට පිරිසිදු ජලයට ලගාවීමට නොහැකි වීම ඉතාම සෝචනීය කරුණක්. මේ සිතයමින් ඔබට එය වැටහේවි..
ජලය නොමැති වීම අහාර හිගයට සෘජුවම බලපානවා.. කෙලින්ම කියනවා නම් පිරිසිදු ජලය නැත්නම් ඉතින් කෑමත් නෑ තමා..


අද අපි කතා කරන්න යන්නෙ මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න පුළුවන් මතුකාවක් ගැන. මේ සදහා භාවිතා කරන ක්‍රමවේදය හදුන්වන්නෙ Reverse osmosis හෙවත් " ආපසු ආසුත්‍රිය" නමින්. ඒ වගේම මේ ක්‍රියාවලිය සිදුකරන්නෙ "Seawater Desalination Plant" හෙවත් කරදියෙන් මිරිදිය වෙන් කරන කර්මාන්ත ශාලාවක.

ක්‍රියාවලියට පියවර 4ක් තියෙනවා..

  • Pretreatment (පෙර පිරියම් කිරීම)
  • Reverse Osmosis(ආපසු ආසුත්‍රිය)
  • Post-treatment, Blending and Delivery(පසු පිරියම් කිරීම,සම්මිශ්‍රණය හා ප්‍රවාහනය)
  • Concentrate Return(සාන්ද්‍රණ ආපසු යැවීම)



Pretreatment(පෙර පිරියම් කිරීම)

RO ක්‍රියාවලියට ප්‍රථම මුහුදු ජලය කර්මාන්ත ශාලාව තුලට ඇතුළු කරගන්නවා. පසුව සුන්බුන් කැබලි, රොඩු ඉවත් කරනවා. මෙය සම්ප්‍රදායික ක්‍රමයක්. හදුන්වන්නෙ "coagulation and flocculation" හෙවත් " මුහුන් කැටියෑම" ලෙසින්. 



මෙහිදී ඇල්ගී නිපදවීමට මුහුදු ජලයට රසායනික ද්‍රවය එකතු කරනවා. මෙහිදී  කාබනික ද්‍රවය හා අංශු එකතු වීමෙන් ඇතිවෙන සමුහනය වීම් වැලි පෙරහනකින් පහසුවෙන් ඉවත් කල හැකියි. එම ජලය පසුව ඩයටමාකාර බිම් පෙරහනක් තුලින් යවනවා. ඉන් රොන්මඩ හා කුඩා අංශු ඉවත් වෙනවා.

Reverse Osmosis(ආපසු ආසුත්‍රිය)

මෙහිදී ජලය අධික පීඩනයකට ලක් කරන අතර අර්ධ පාරගම්‍ය පටලයක් තුලින් යවා මිරිදිය වෙන් කරගන්නවා. මෙම අර්ධ පාරගම්‍ය පටලය මයික්‍රෝන .001 විශ්කම්භයෙන් යුතු සිදුරු වලින් සමන්විතයි. එය මිනිස් කෙස් ගසක විශ්කම්භයෙන් 1/100,000 ක්.


Post-treatment, Blending and Delivery(පසු පිරියම් කිරීම,සම්මිශ්‍රණය හා ප්‍රවාහනය)




මෙහිදී පිරියම් කල මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය එක කර එය ස්ථායි තත්වයට පත් කරනවා.

Concentrate Return(සාන්ද්‍රණ ආපසු යැවීම)

මෙහිදී සිද්ධ වෙන්නෙ "සාන්ද්‍රණ ආපසු යැවීම" කියන ක්‍රියාවලිය. මිරිදිය ඉවත් කල කල මුහුදු ජලය යලිත් මුහුදට නිදහස් කරනවා. නමුත් නිදහස් කිරීමට ප්‍රථම මෙම ජලයේ උෂ්ණත්වය හා ලවන සාන්ද්‍රණය අඩු කරනවා තවත් මුහුදු ජලය සමග මිශ්‍ර කිරීමෙන්.

අපිට කොහොමද ලවන ජලය පිරිසිදු කරගන්න පුළුවන්..? මේ වීඩියෝව නරබන්න..

ඉතින් යාලු මේ ක්‍රමය නම් වඩාත් ගැලපෙන්නෙ ජලය හිග සෝමාලියාව, ඉතියෝපියාව වගේ රටවල් වලට. නමුත්  අපේ ලංකාවෙත් මොන තරම් පිරිසිදු ජල උල්පත් තිබුන උනත් ඒවා විනාශ වෙන හැටි දැක්කම නම් හිතෙන්නෙ ලංකාවටත් ඉක්මනටම මේ ක්‍රමය භාවිතා කරන්න වෙයි කියල. එත් පරිසර හිතකාමී මිනිසුන් හැටියට එහෙම නොවේවා කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Thursday, June 5, 2014

හරිත ගොඩනැගීම් තාක්ෂණය-Green building Technology

"හරිත ගොඩනැගීම් තාක්ෂණය" වර්ථමානයේ  කතා බහට ලක් වෙන අලුත් මාතෘකාවක්.. දිනෙන් දින ඉහල යන පරි සර දුෂණය හමුවේ ලෝක ප්‍රජාව තේරුම් ගන්නවා, මිනිස් බලපෑම හේතුවෙන් සිදුවන පරිසර හානිය තව දුරටත් පරිසරයට දරාගත නොහැකි බව..

නමුත් කරුණු වැටහෙන විට පෘතුවියේ ඇතැම් නගර මිනිසා ඇතුළු ජීවීන්ට ජීවත් වීමට නුසුදුසු තරම් තත්වයට පත්වෙලා කුවොත් වඩාත් නිවැරදියි. චීනයේ beijing කියන්නේ එකට හොද උදාහරණයක්.. beijing වල වාතය ජීවීන්ට නුසුදුසු බව තහවුරු කරල අවසානයි..නමුත් මේ අමිහිරි අනාගතයට ඔබත් මමත් හෙට උපදින දරුවාත් මුදුන දිය යුතු වෙනව, වග කියන්නන් කවුරු වුවත්..

මෙවැනි වාතාවරණයක් තුල තමා හරිත තාක්ෂනය නම් සංකල්පය ලොව කතා බහට ලක්වන මාතෘකාවක් වෙන්නෙ....
හරිත තාක්ෂනය කියන සංකල්පය තුල විවිධ පැතිකඩ රාශියක් ආවරණය වෙනව.. ඉන් එක්කක් තම මේ "හරිත ගොඩනැගීම් තාක්ෂනය" කියන්නේ. ඔයාලට මතක ඇති අපි පරිසර හිතකාමී නිවාස ගැන කතා කලා. (පරිසර හිතකාමී නිවාස). හරිත ගොඩනැගීම් තාක්ෂනය මිට වඩා චුට්ටක් පුළුල් මාතෘකාවක්. සියලුම කෘතීම ඉදිකිරීම් මේ මාතෘකාවට අයත්.. නිවාසත් ඇතුළුව..
මෙම ගොඩ නැගීමේ තාක්ෂණයේ ප්‍රධාන අරමුණු තමා 
  • පරිසරයට සිදුවන හානිය අවම කිරීම.
  • අවම ශක්ති පරිභෝජනය.
  • අවම ශක්ති හානිය.
  • ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම.
  • අවම ද්‍රව්‍ය භාවිතය.
                                     
පරිසරයට සිදුවන හානිය අවම කිරීම.

ගොඩ නැගිල්ලේ වහලය මත සිදු කරන හරිත වගාව ගොඩ නැගිල්ල ඉදිකිරීමේදී පරිසර හරිත වසමට සිදුවූ හානිය අවම කිරීම සිදු කරනවා.. භාවිතා කල ජලය පිරියම් කර නැවත පරිසරයට මුදාහැරීමෙන් පරිසර හානිය අවම වෙනවා.

අවම ශක්ති පරිභෝජනය.

තාපී කරණය, සං වාතනය, හා ශිතනය යන ක්‍රියාවලි වලදී සුර්ය ශක්තිය, සුලන් ශක්තිය බහවිතය මෙහිදී සිදුවෙනවා..

අවම ශක්ති හානිය.

ඉහල කාර්යක්ෂම තත්වයෙන් යුතු උපකරණ භාවිතය මගින් ශක්ති හානිය අවම කරගත හැකියි..

ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම.

ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් දැනට වෙළද පලේ පවතින අමු ද්‍රවය සදහා වන අධික ඉල්ලුම අවම කල හැකි අතර එමගින් සීමිත වූ පාරිසරික සම්පත් භාවිතය අවම කල හැකි වෙනව..

අවම ද්‍රව්‍ය භාවිතය.

අමු ද්‍රව්‍ය අවම ලෙස භාවිතා කිරීමට නම් භාවිතයේදී සිදුවන අපතේ යාම අවම කර කාර්යක්ෂම තාවය ඉහල අගයක පවත්වාගත යුතු වෙනවා...

ලොව හරිත තාක්ෂනය කරා පියනගන යුගයක ඔබට එහි තතු මෙසේ රැගෙන එන්නට ලැබීම මට මහත් වාසනාවක් වගේම ගෞරවයක්..

 තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)


Thursday, January 30, 2014

Solar water heating System- සුර්ය ජල තාපක

Solar water heating System හෙවෙත් සුර්ය ජල තාපක අද හැමෝම කතාවෙන මාතෘකාවක්.. ඒ මොකද කියල යම්කිසි අදහසක් මේ වෙනකොට අපි හැමෝටම තියෙනවා.. නමුත් මේකෙ යාන්ත්‍රණය මොකක්ද කියල හොයල බලන එක ගොඩක් වැදගත්. එමගින් ඔබේ දැනුම වර්ධනය වෙනව වගේම ඔබේ මුදලුත් ඉතිරි කරගන්න පුළුවන්....

මේ රූපයෙන් දැක්වෙන්නේ දැනට පවතින නවීනතම සුර්ය ජල තපකයයි. සාමාන්‍යයෙන් සුර්ය තපක වල පවතින සුර්ය පැනල, බැටරි යම් කාලයකට පසු ප්‍රතිස්ථාපනය කල යුතුයි. එසේ කලත් ඒවායේ කාර්යක්ෂමතාවය අඩු මට්ටමක තමා තියෙන්නේ. 

නමුත් මේ නවීන  සුර්ය ජල තපකයේ සුර්ය පැනල නෑ. බැටරි නෑ. ඒ නිසා ඒවා ප්‍රතිස්ථාපනය කිරීම වැනි ක්‍රියා වලට ඔබේ මුදල් වැයවන්නේ නෑ. කාර්යක්ෂමතාවය ඉතා ඉහලයි.
මේ රූපයෙන් දැක්වෙන්නෙ නවීන සුර්ය ජල තපකයක් සවිකරන අයුරුයි...

නැනෝ තාක්ෂනය මේ නවීන සුර්ය ජල තපකය සතු වෙනවා. එය තුල පවතින ද්‍රවය නිපදවා තියෙන්නෙ නැනෝ තාක්ෂනය භාවිතයෙන්. 
පළමු රුපයේ පරිදි ඉහලින්ම තියෙන්නෙ වතුර ටැංකිය. එයට සවි වෙන බට රාශියක් ඔබට පහලින් පෙනෙනවා ඇති. ඒවායේ පිටත ආවරණය සුදු යකඩ හා තඹ යොදා නිපදවන අතර එමගින් අධෝරක්ත කිරණ පරාවර්තනය කරනු ලබනවා. 

ඇතුලතින් පවතින ඇලුමිනියම් නයිට්‍රයිඩ් ස්තරය තාපය අවශෝෂණය කරගන්නවා. ඊට අමතරව අවශෝෂණය කරගත් තාපය පිටවීම නැවැත්වීමට නිකල් හෝ ටයිටේනියම් ස්තරයක් යොදාගන්නවා.
ඉහත සතර තුනෙන් යුතු ආවරණය ඇතුලතින් පවතින රික්ත පොම්පයට 500c පමණ උෂ්ණත්වයකට රත් වීමට අවකාශය සපයාදෙන අතර නිරාවරණ වර්ගඵලය වැඩිකරමින් වැඩි ආයුෂ ප්‍රමාණයක්ද ලබාදෙනවා.මෙහි කාර්යක්ෂමතාව 96% පමණ වෙනවා.

රික්ත පොම්පයේ රූපයක් ඉහත රූපයෙන් ඔබට දැකගත හැකියි. 

ඇතුලත හා පිටත ආවරණ පහත රූපයෙන් දැකගත හැකියි.
මේකෙ ක්‍රියාවලිය මෙහෙමයි. ඇතුලත පවතින දියරය ටුබයෙන් බාගයක් පිරෙන්න තමා පුරවල තියෙන්නේ. දියරයෙන් කොටසක් තාපය උරාගෙන වාෂ්ප බවට පත් වෙනවා. වශ්පය ස්වභාවික සංවහන ක්‍රියාවලිය මගින් ඉහල යනවා. 

රික්ත පොම්පයේ තුඩ ජාල ටැංකියට ඇතුලත් කර ඇති අතර තුඩ තාප සන්නායක ද්‍රව්‍යකින් නිමවා තිබෙනවා. වාෂ්ප මගින් රැගෙන එන තාපය එහිදී ටැංකියේ ජලයට සම්ප්‍රේෂණය කරන අතර නැවත ද්‍රව බවට පත් වෙනවා. 

ඒ ද්‍රව නැවත බටය දිගේ පහලට ගමන් කරනවා. මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙනවා. එමගින් ටැංකියේ ජලය 500c තරම් ඉහල උෂ්ණත්වයකට රත් වෙනවා කියුවොත් පුදුමයි නේද? 

දවස් තුනක් ඉර පෑයුවේ නැතත් මේ ක්‍රියාවලිය සිදුවීමට තරම් තාපයක් පද්ධතිය සතු බවයි අන්තර්ජාල තොරතුරු වාර්තා කරන්නේ. සුපිරිම තාක්ෂණයක් නේද?

මේ පින්තුරෙන් වතුර ටැංකියක් සහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....
මේ පින්තුරෙන් වතුර ටැංකියක් රහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....

නිවර්තන කලාපිය රටක් වන ලංකාවේ අපිට අවුරුද්ද පුරාම දිනකට පය 8 කට වඩා කාලයක් හිරු එලිය ලැබෙන නිසා ලංකාවට මේ තාක්ෂනය ඉතාමත් සුදුසුයි. පරිසර හිතකාමී ඔබට මෙය ඉතාම සුදුසුයි. ඒ වගේම ඔබේ විදුලි බිලත් අඩු කරාවි.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)