මෙය "solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක්". මෙමගින් ඔබට පිරිසිදු, අඛණ්ඩ, අවශ්‍ය ප්‍රමාණයක ශක්තිය ලබාගත හැකියි. ඔබට මතක ඇති අපි හයිඩ්රිජන් ඉන්ධන කෝෂය ගැන කතා කළා. මේ ඉන්ධන කෝෂය තුන් විදිහකින් හයිඩ්රිජන් ඉන්ධන කෝෂයෙන් වෙනස් වෙනවා.
1.අඩු වියදම් අමු ද්‍රව්‍ය භාවිතය- Low cost materials
මෙහි විඛාදනය වන අම්ල හෝ ප්ලැටිනම් වෙනුවට භාවිතා වන්නේ සාමාන්‍ය වැලි..
2.අධික විද්‍යුත් කාර්යක්ෂමතාවය- High electrical efficiency
මෙහි ඉන්ධන විද්‍යුත් පරිවර්තන කාර්යක්ෂමතාවය සාමාන්‍ය අගය මෙන් දෙගුණයක්.
3. ඉන්ධන සුනමයතාව- Fuel flexibility
මේ සදහා පුනර්ජනනය වන හෝ එසේ නොවන පොසිල ඉන්ධන හෝ භාවිතා කල හැකියි.
එක් bloom energy server එකක් 200kw ක ශක්තියක් නිපදවනවා. එය නිවාස හෝ කාර්යයාල 160කට ප්‍රමාණවත් ශක්තියක් දිව රෑ පුරාවට සපයනවා. ඒ වගේම එයට අවශ්‍ය වෙන්නේ ඉතාම කුඩා අවකාශයක්.
"solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක" පරිණාමය මෙසේයි..
"solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක" ක්‍රියාකාරීත්වය මෙසේයි..
ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක් ක්‍රියා කරන්නෙ ඉතා ඉහල උෂ්ණත්වයකදී.(සාමාන්‍යයෙන් 800c ටත් ඉහල අගයක) එය කාර්යක්ෂමතාවය වැඩි වීමට වගේම ඉන්ධන සුනමයතාවයටද හේතු වෙනවා.මෙය ගොඩනැගීම අභියෝගයක්. නමුත් එය සැබෑවක් වෙන්නේ bloom නිසා.
ඔබට ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක ක්‍රියාකාරීත්වය බලන්න අවශ්‍ය නම් මේ වීඩියෝව බලන්න. Solid Oxide Fuel Cell-ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂය
bloom ශක්තිය භාවිතා කිරීමේ වාසි..
- විසිරුණු ශක්ති ප්‍රභවයක් වීම.-distributed power
- අදික කාර්යක්ෂමතාවය.-high electrical efficiencies
- ඉන්ධන සුනම්‍යතාව.- fuel flexibility
- පැය 24 පුරාවට ශක්තිය සැපයිය හැකිවීම.-Bloom's Energy Servers can produce clean energy 24 hours per day, 365 days per year
- ඉතා පහසුවෙන් හා ඉකමනින් ස්ථානගත කල හැකි වීම.-easy and fast deployment
- ජලය භාවිතා නොකිරීම.-No Water Use
- අනාගත යෙදීම්.-Future Applications
ඔබත් මාත් වෙසෙන මේ ශ්‍රී ලංකාවෙත් නුදුරු දිනක මෙවැනි පරිසිදු ශක්ති ප්‍රභවයක් දකින්න ලැබේවා කියල ප්ර්තන කරමු නේද?
තවත් ලිපියකින් හමුවෙමු
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)
No comments:
Post a Comment