Thursday, September 11, 2014

මුහුදු ජලය පවිත්‍රීකරණය හෙවත් (Turn Salt Water Into Drinking Water)

ඔන්න යාලු අද අපි කතා කරන්න යන්නෙ මුහුදු ජලය පවිත්‍රීකරණය හෙවත් (Turn Salt Water Into Drinking Water) ගැන..

මේ මාතෘකාවත් වර්තමානයේ කතා බහට ලක්වෙන්නෙ ලොව උග්‍ර ජල අර්බුධයක් පවතින නිසාවෙන්. දිනෙන් දින වැඩි වෙන ලෝක ජනගහනය හමුවේ ඉතා සීමිතව පවතින පිරිසිදු ජල සම්පත තර්ජනයකට ලක්වෙනවා. පුත්ගලයෙකුට පිරිසිදු ජලයට ලගා වීමට ඇති හැකියාව දිනෙන් දින අඩුවෙනවා. ඒ විතරක් නෙවේ. විද්‍යාඥයින්ගේ මතය නම් අනාගතයේ පිරිසිදු ජල සම්පත මුල් කරගත් යුද්ධ පවා ඇති විය හැකි බවයි..

ලොව ජනගහනයෙන් 17% කට පිරිසිදු ජලයට ලගාවීමට නොහැකි වීම ඉතාම සෝචනීය කරුණක්. මේ සිතයමින් ඔබට එය වැටහේවි..
ජලය නොමැති වීම අහාර හිගයට සෘජුවම බලපානවා.. කෙලින්ම කියනවා නම් පිරිසිදු ජලය නැත්නම් ඉතින් කෑමත් නෑ තමා..


අද අපි කතා කරන්න යන්නෙ මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න පුළුවන් මතුකාවක් ගැන. මේ සදහා භාවිතා කරන ක්‍රමවේදය හදුන්වන්නෙ Reverse osmosis හෙවත් " ආපසු ආසුත්‍රිය" නමින්. ඒ වගේම මේ ක්‍රියාවලිය සිදුකරන්නෙ "Seawater Desalination Plant" හෙවත් කරදියෙන් මිරිදිය වෙන් කරන කර්මාන්ත ශාලාවක.

ක්‍රියාවලියට පියවර 4ක් තියෙනවා..

  • Pretreatment (පෙර පිරියම් කිරීම)
  • Reverse Osmosis(ආපසු ආසුත්‍රිය)
  • Post-treatment, Blending and Delivery(පසු පිරියම් කිරීම,සම්මිශ්‍රණය හා ප්‍රවාහනය)
  • Concentrate Return(සාන්ද්‍රණ ආපසු යැවීම)



Pretreatment(පෙර පිරියම් කිරීම)

RO ක්‍රියාවලියට ප්‍රථම මුහුදු ජලය කර්මාන්ත ශාලාව තුලට ඇතුළු කරගන්නවා. පසුව සුන්බුන් කැබලි, රොඩු ඉවත් කරනවා. මෙය සම්ප්‍රදායික ක්‍රමයක්. හදුන්වන්නෙ "coagulation and flocculation" හෙවත් " මුහුන් කැටියෑම" ලෙසින්. 



මෙහිදී ඇල්ගී නිපදවීමට මුහුදු ජලයට රසායනික ද්‍රවය එකතු කරනවා. මෙහිදී  කාබනික ද්‍රවය හා අංශු එකතු වීමෙන් ඇතිවෙන සමුහනය වීම් වැලි පෙරහනකින් පහසුවෙන් ඉවත් කල හැකියි. එම ජලය පසුව ඩයටමාකාර බිම් පෙරහනක් තුලින් යවනවා. ඉන් රොන්මඩ හා කුඩා අංශු ඉවත් වෙනවා.

Reverse Osmosis(ආපසු ආසුත්‍රිය)

මෙහිදී ජලය අධික පීඩනයකට ලක් කරන අතර අර්ධ පාරගම්‍ය පටලයක් තුලින් යවා මිරිදිය වෙන් කරගන්නවා. මෙම අර්ධ පාරගම්‍ය පටලය මයික්‍රෝන .001 විශ්කම්භයෙන් යුතු සිදුරු වලින් සමන්විතයි. එය මිනිස් කෙස් ගසක විශ්කම්භයෙන් 1/100,000 ක්.


Post-treatment, Blending and Delivery(පසු පිරියම් කිරීම,සම්මිශ්‍රණය හා ප්‍රවාහනය)




මෙහිදී පිරියම් කල මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය එක කර එය ස්ථායි තත්වයට පත් කරනවා.

Concentrate Return(සාන්ද්‍රණ ආපසු යැවීම)

මෙහිදී සිද්ධ වෙන්නෙ "සාන්ද්‍රණ ආපසු යැවීම" කියන ක්‍රියාවලිය. මිරිදිය ඉවත් කල කල මුහුදු ජලය යලිත් මුහුදට නිදහස් කරනවා. නමුත් නිදහස් කිරීමට ප්‍රථම මෙම ජලයේ උෂ්ණත්වය හා ලවන සාන්ද්‍රණය අඩු කරනවා තවත් මුහුදු ජලය සමග මිශ්‍ර කිරීමෙන්.

අපිට කොහොමද ලවන ජලය පිරිසිදු කරගන්න පුළුවන්..? මේ වීඩියෝව නරබන්න..

ඉතින් යාලු මේ ක්‍රමය නම් වඩාත් ගැලපෙන්නෙ ජලය හිග සෝමාලියාව, ඉතියෝපියාව වගේ රටවල් වලට. නමුත්  අපේ ලංකාවෙත් මොන තරම් පිරිසිදු ජල උල්පත් තිබුන උනත් ඒවා විනාශ වෙන හැටි දැක්කම නම් හිතෙන්නෙ ලංකාවටත් ඉක්මනටම මේ ක්‍රමය භාවිතා කරන්න වෙයි කියල. එත් පරිසර හිතකාමී මිනිසුන් හැටියට එහෙම නොවේවා කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

No comments:

Post a Comment