Wednesday, December 18, 2013

Offshore wind power (අක් වෙරළ සුළං ශක්තිය)

මොකක්ද මේ "Offshore wind power" එහෙම නැත්නම් "අක් වෙරළ සුළං ශක්තිය" කියල කියන්නේ..? 
ඔබත් මමත් මේ වෙනකොට දන්නව ලංකාවෙත් බල ශක්තිය උත්පාදනයට සුළං ශක්තිය/බලය යොදාගන්නව කියල.. හම්බන්තොට සුළං විදුලි බලාගාරයක් තියෙනවා ඔබත් මේ වනවිට දැකල, අහල ඇති..

 නමුත් "අක් වෙරළ සුළං ශක්තිය"  චුට්ටක් වෙනස්. මුලිකම වෙනස තමයි මේවා තියෙන්නෙ සගරයෙ...

සාගරයේ සුළං පෙති සවි කිරීම, ගොඩබිම සුළං පෙති සවිකරනවට වඩා වියදම් අධික දෙයක්. එහෙනම් ඇයි එහෙම කරන්නේ? හේතුව මේකයි.. 

විද්‍යාඥයින් කියන විදිහට ගොඩබිමට වඩා මුහුදේ සුළගේ වේගය වැඩියි. ඒ නිසයි සුළං පෙති මුහුදෙ සවිකරන්නෙ. මෙම බලශක්ති උත්පාදන ස්ථානයක් හදුන්වන්නෙ "wind farm" එහෙමත් නැත්නම් "සුළං ගොවිපලක්" කියන නමින්. "සුළං ගොවිපලක්" නිර්මාණය කරන ඡායාරුප පෙළක් පහතින් ඔබට දැක ගන්න පුළුවන්...


බැලූ බැල්මට මේවා දියේ පාවෙනවා වගේ පෙනුනට ඇත්තටම සාගර පත්ලට සවි කරලයි තියෙන්නෙ.. මේ පින්තුරෙන් ඔයාලට සුළං පෙත්තක් සාගර පතුලට සවිකරන විවිධ ආකාර බලාගන්න පුළුවන්.

දැනට ලොව විශාලතම සුළං ගොවිපල London Array ලෙස හදුන්වන අතර එහි බල ශක්ති නිපැයුම 1,000 MW පමණ වනවා..

2013 ජුනි මාසය වනවිට යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 6,040 MW ක් වන බව අන්තර්ජාල තොරතුරු සදහන් කරනවා...

2010 දී උතුරු යුරෝපයේ බල ශක්ති උත්පාදනයට මෙමගින් ලැබුන දායකත්වය 3.16 GW ක්...

                        

2014 වන විට ඇමරිකාව හා ජර්මනිය මේ තාක්ෂනය යොදාගෙන බල ශක්තිය නිෂ්පාදනයේ පෙරමුණ ලබාගනු ඇතැයි අපේක්ෂා කරන අතර නිපදවීමට බලාපොරොත්තු වන බල ශක්තිය 16 GW වන බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඒ වගේම 2020 වනවිට ඇමරිකාව හා චීනය ද ඇතුලත්ව ලොව සම්පුර්ණ බලශක්තියට මෙහි දායකත්වය 75 GW වෙ යැයි පවසනවා...

ලංකාවෙත් වටේටම මුහුද තියෙන නිසා ලංකාවටත් මේ ක්‍රමය සුදුසුයි. අනාගතේ දවසක ලංකාවෙත් මේ ක්‍රමයට බල ශක්තිය නිපදවනව බලන්න ලැබේවා කියා පාර්ථනා කරමු නේද.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)







Saturday, December 14, 2013

Fuel Cell (ඉන්ධන කෝෂය)

අද අපි කතා කරන්න යන්නෙ "Electric Car" එහෙමත් නැත්නම් "විදුලි බලයෙන් ක්‍රියා කරන කාර්"  එකකක එන්ජිමේ කොටසක් පිලිබදව.. ඊට කලින් අපි චුට්ටක් බලමු මේ කාර් එක මොකක්ද කියල. මේ පින්තුරෙන් ඔබට එය බලාගන්න පුළුවන්...

මෙයත් පරිසර හිතකාමී වාහනයක්. ඉන්ධනය තමා විදුලිය. නමුත් බැටරියක් නෑ. කොහොමද එහෙම වෙන්නෙ? බැටරියක් තියෙන්නම ඕන යාලු.. ඔයාල අහාවි අනිවාර්යයෙන්ම... 

ඔවු. මේකෙ බැටරියක් නෑ තමා. ඒ වෙනුවට තියෙන්නෙ ඉන්ධන කෝෂයක්. මේ දෙකේ සම්බන්දෙ මොකක්ද? ඉන්ධන කෝෂයක් ක්‍රියාකරන්නෙ කොහොමද? කියල අපි පොඩ්ඩක් හොයල බලමු නේද?


"ඉන්ධන කෝෂය" ක රුපයක් තමා මේ...





මෙය ඇමරිකාවේ නිෂ්පාදනයක්. ඉන්ධන කෝෂය නිපදවීමට හා වැඩි දියුණු කිරීමට ඇමරිකානු රජය මේ දක්වා ඇමරිකන් ඩොලර් බිලියනයකටත් වැඩි මුදලක් වැය කර ඇති බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනව..

ඉන්ධන කෝෂ හදුන්වන්නේ polymer electrolyte membrane fuel cells (PEMFC) කියන නමින්..
ඉන්ධන කෝෂයක් කියන්නෙ electrochemical energy conversion device එකක්. එහෙම නැත්නම් විද්‍යුත් රසායනික ශක්ති පරිවර්තක උපකරණයක්... ඉන්ධන විදිහට යොදාගන්නෙ හයිඩ්රිජන් සහ ඔක්ෂිජන්. රසායනික ක්‍රියාවලියේ අවසාන ඵලය ලෙස පිටවෙන්නෙ ජලය.. ඉස්තරම්ම පරිසර හිතකාමී උපකරණයක් නේද?..

ඉන්ධන කෝෂයක් සහිත කරයක ඉන්ධන ලබාගන්නා ආකාරය..
අපි ඉන්ධන හලකින් පෙට්‍රල් හෝ ඩිසල් ලබාගන්නව වගේ මේ වාහනයට ලබාගන්නෙ හයිඩ්රිජන්. වාතයෙන් ඔක්ෂිජන් ලබගන්නව. 

ඉන්ධන කෝෂයක් හරියට බැටරියක් වගේ තමා. බැටරියක එයට අවශ්‍ය රසායනික සංයෝග එය තුලම ගබඩා කරල තියෙන්නෙ. එම රසායනික සංයෝග මගින් විදුලිය නිපදවෙනවා. ඒ කියන්නේ බැටරිය බහිනවා.. එවිට ඔබට බැටරිය විසි කරන්න හෝ නැවත recharge කරන්න වෙනවා. 


නමුත් ඉන්ධන කෝෂයක සිදුවන්නෙ එයට අවැසි රසායනික සංයෝග නිරන්තරයෙන් ඒකාකාරිව ලබාදීමයි. එයින් බහින්නේ නැති බැටරියක් ඔබට ලබාදෙනවා.. නියමයි නේද? ඉතා සුළු වියදමකින් ඔබේ වාහනය ක්‍රියා කරවන්න පුළුවන්.. 100% පරිසර හිතකාමියි... 

ඉතින් මේ වගේ අලුත් ලෝකේ අලුත් තොරතුරක් අරන් ඔයාලගේ සොදුරු ලෝකයට පිවිසෙන තුරු ආයුබෝවන්! ඔබට ජය!

සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර

Thursday, December 12, 2013

Renewable energy- Tidal power (උදම් ශක්තිය)

නැවත අලුත් කල හැකි ශක්ති ප්‍රභව භාවිතය ඔබටත් මටත් අලුත් කාරණාවක් නෙවෙයි.. ඔබට මතක ඇති අපි "Geothermal energy" "භුමි තාප ශක්තිය"... ගැන කතා කලා. අද අපි කතා කරන්න යන්නෙ උදම් ශක්තිය ගැන..

 ඔබ මොනවද උදම් ශක්තිය ගැන දන්නෙ? උදම් ශක්තියෙන් එහෙම නැත්නම් වඩදිය බාදිය යොදාගෙන කොහොමද බල ශක්තිය නිපදවන්නේ? ඇත්තටම ඒක කරන්න පුළුවන් වැඩක්ද? හොයල බලමු නේද?

"සුර්ය ශක්තිය" හා "සුළං ශක්තිය" සමග සංසන්දනය කරල බලන කොට "උදම් ශක්තිය" ගැන පෙරයීම් කල හැකි බවයි විද්‍යාඥයන් පවසන්නෙ. විද්‍යාවේදී එය වාසියක්.

නමුත් මෙය ටිකක් මිල අධික ක්‍රියාවලියක්. විස්තාපන වියදම ටිකක් වැඩියි. උදම් රළ ප්‍රවාහ ලොව සෑම ප්‍රදේශයකටම එක ලෙස නොලැබීමත්, ඒවායේ ප්‍රවේගයන් විවිධ වීමත් මෙම ක්‍රමය ප්‍රචලිතවීම අඩු වීමට හේතු ලෙස දක්වන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ගත්කල එය ලාබදායි ශක්ති උත්පාදන ක්‍රමයක්.


දැන් අපි බලමු මේකෙ ක්‍රියාවලිය කොහොමද කියල...

මුලිකවම මෙහිදී සිදුවෙන්නෙ ටර්බයිනයක ක්‍රියාවලිය. ටර්බයින සවිකරල තියෙන්නෙ දිය යට උදම් රළ ගලන දිශාවට මුහුණලා. උදම් රළ ශක්තිය යොදාගෙන ටර්බයින කරකැවීමට සලස්වල විදුලිය නිපදවීමයි සිදුවෙන්නෙ..

උදම් රළ ඉතින් මුළු දවසෙම තියෙන දෙයක්යැ? ඕකෙන් කොහොමද විදුලිය නිපදවන්නෙ? ඔයාල අහාවි.. 

ඇත්ත තමයි. මේ විදිහට නම් විදුලිය නිපදවන්න වෙන්නෙ දවසටම පැය කීපයක් විතරයි. ඒ ප්‍රශ්නෙ විසදන්නෙ මෙහෙමයි.. 

මෑත අතීතයේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් වෙරළ තිරයේ "උදම් මෝල" කියල උපකරණයක් භාවිතා කරල තියෙනව.. එකේ ක්‍රියාවලිය තමයි දවල් කාලෙට විදුලිය නිපදවන්න යොදාගන්නෙ..මේ පින්තුරෙන් Tide mill හෙවත් "උදම් මෝල" බලාගන්න පුළුවන්..


 මේ පින්තුරෙන් එම තාක්ෂණයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ඔබට බලාගන්න පුළුවන්..

                                     

මෙහිදී උදම් රළ හරහා පැමිණෙන ජලය ටර්බයින සවිකළ නල හරහා ගමන් කරවා විදුලිය නිපදවනව. නල වලින් පිටවන ජලය වේල්ලක් හරහා ගොස් ගබඩා කර ගැනීමක් සිදුවෙනවා. උදම් රළ නවතිනවිට නල වලට ජලය ඇතුළු වන දොරටු ස්වයංක්‍රීයව වැසීයනව.. පසුව ගබඩා කරගත් ජලය ක්‍රමානුකුලව ටර්බයින හරහා මුහුදට නිකුත් කර විදුලිය නිපදවනවා..

බලන්න මුළු ක්‍රියාවලියම සිදුවන්නෙ පීඩන අනුක්‍රමණයක් යටතේ.. ශක්තියක් වැයවන්නේ නෑ.. 100% පරිසර හිතකාමී ක්‍රියාවලියක්..

මෙම තාක්ෂණය දැනටමත් ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් භාවිතා කරනව.. ලංකාවේ අපිටත් මෙවැනි පිරිසිදු බල ශක්තියක් ලැබෙන්න කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Tuesday, December 10, 2013

Land Remediation ("බිම් පිළිපැයීම" හෙවත් භුමිය නැවත සකස් කිරීම )

"භුමිය නැවත සකස් කිරීම" කියන්නේ අපිට නම් එචර හුරු දෙයක් නෙවෙයි නේද? එත් ඒ ගැන අපිට දැනගන්න කාලෙ ඇවිත් කියලයි මට හිතෙන්නෙ.. හේතුව මෙන්න මේකයි.. මිනිස් ක්‍රියාකාරකම් නිසා පස දූෂණය වීම ඔබත් මමත් දන්නා කරුණක්.. නමුත් දිගින් දිගටම සිදුවන මෙම පස දූෂණය වීම තව දුරටත් පසට දරාගන්න බැරි තරමටම වැඩිවෙලා.. ඉතින් මේ පස යලිත් පෙර තත්වයට පත් කරන්නේ කොහොමද කියල හොයන එක අපේ උතුකමක් වගේම වගකීමක්..

පස දුෂණයවීම් පිළිබද අවස්ථා කීපයක්ම පහුගිය දවස් ටිකේ අපිට අහන්න ලැබුන.. ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා ඔබට මතක ඇති.. ලිං වල ජලය භාවිතයට නුසුදුසු තත්වයට පත් උනා. ඒ ප්‍රදේශයේ මිනිසුන් පානිය ජලය නොමැතිව මහත් අපහසු තාවයකට පත් උනා.... ඉතින් මේ වගේ අවස්ථාවක අඩුම තරමේ මොකක්ද කරන්න ඕන කියලවත් දැනගෙන ඉන්න එක වටිනව..

ඇතැම් අවස්ථා වල කර්මාන්ත ශාලා වලින් හෝ වෙනත් ක්‍රමයකින් පසට එක වර විශාල පරිසර දුෂක ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන්.. ඒවා බොහෝවිට එකතු වෙන්නෙ රසායනික සංයෝග විදිහට.. ගබඩා කරල තියෙන ටැංකි වල සිදුවන කාන්දුවීම් එක් උදාහරණයක්..

ඔබේ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා යැයි හිතමු.. ඔබ මොකද කරන්නේ?

ඔබ පළමුව අදාල රජයේ අංශ දැනුවත් කල යුතුයි. මොකද හරියටම දැනගන්න ඕන රසායනික සංයෝගයක් පසට නිකුත් වෙලාද? උනා නම් ඒ කොහෙන්ද? කොහොමද? කියල...
අදාළ රජයේ අංශ වල නිලධාරින් විසින් එම ස්ථාන පරික්ෂා කරල අවශ්‍ය පිළියම් යොදන්න කටයුතු කරාවි.

දැන් අපි බලමු මේ භුමිය නැවත සකස් කිරීමේ කටයුත්ත කොහොමද වෙන්නෙ කියල..

Site assessment හෙවත් භුමිය නිර්ණය කිරීම.

මෙහිදී භුමිය නිරීක්ෂණය කරන අතර දුෂකය කොපමණ දුරට පැතිර පවතීද යන්න සොයා බලනු ලබනව. එය භූගත ජලයට එක්වී ඇත්ද? එසේ භූගත ජලය කොපමණ දුරකට පැතිර පවතීද? වැනි කාරණා මෙහිදී සොයා බලනු ලබනව.

Mapping remediation හෙවත් පිළිපැයීම සිතියම් ගත කිරීම 

මේ සදහා විවිධ උපකරණ යොදාගන්නව. උදාහරණයක් විදිහට TOXMAP  හදුන්වාදෙන්න පුළුවන්.

Remediation technologies හෙවත් පිළිපැයිමේ තාක්ෂිනක ක්‍රම. 



  • තාක්ෂණික ක්‍රම කීපයක්ම තියෙනව පස නැවත යථා තත්වයට පත් කරන්න..

  • Thermal desorption

මෙසේ පස පිරිසිදු කිරීමට පෙර සහ පසු අවස්ථා ඔබට පහත රුපයෙන් බලාගන්න පුළුවන්..


ඉතින් මේ ලිපියෙන් ඔබට මේ කාරණාව සම්බන්දයෙන් යම් දැනුමක් ලැබුන නම් එයයි මගේ සතුට... තවත්  ලිපියකින් හමුවෙන තුරු ආයුබෝවන් .. ඔබට ජය!

(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)


Friday, December 6, 2013

Eco friendly Homes (පරිසර හිතකාමී නිවාස)

මං අද ඔයාලට අරන් ආවේ ටිකක් රසවත් වගේම ප්‍රයෝජනවත් මාතෘකාවක්... අපි හැමෝගෙම හීනයක් තමා අනාගතේ දවසක සොඳුරු නිවසක හිමිකරුවෙක්, හිමිකාරියක් වීම.. අද කලේ වියදම් එක්ක එක ටිකක් අමාරු වැඩක්.. පරිසර හිතකාමී නිවසක් මගින් ඒ වියදම අඩු කරගන්න පුළුවන් කියල ඔබ දන්නවද?

කොහොම නමුත් මේ වනවිට "පරිසර හිතකාමී නිවාස" කියන මාතෘකාව ඔබටත් මටත් අලුත් දෙයක් නෙවේ.. ඇත්තටම මොනවද මේ පරිසර හිතකාමී නිවසක් කියල කියන්නෙ? මොකක්ද වෙනස? හුඟ දෙනෙක් දන්නෙ නැතුව ඇති. ඒ නිසා ඒ ගැන ටිකක් හොයල බලමු නේද?



පරිසර හිතකාමී නිවසක් හදුන්වන්නෙ," low energy house" නැත්නම් "අඩු ශක්ති භාවිතයක් පවතින නිවසක්" කියන සංකල්පය මත. මොකද අඩු ශක්ති භාවිතයක් පවතින නිවසක් කියන්නෙ බල ශක්තිය ඉතිරි කරන ස්ථානයක්. බල ශක්තිය ඉතිරි කරන ස්ථානයක් කියන්නේ පරිසර දුෂණය අවම කරන ස්ථානයක්. (මොකද දැනට ලොව බල ශක්තිය නිපදවන්න භාවිතා කරන ක්‍රම මගින් සිදුවන පරිසර දුෂණය අති විශාලයි)...

දැන් අපි බලමු කොහොමද මෙවැනි නිවසක් හදාගන්නේ කියල... 

පියවර 1 
Find an energy calculator to assess your current energy usage: මෙමගින් ඔබගේ නිවසේ ශක්ති අවශ්‍යතාව මැනගන්න පුළුවන්..



පියවර 2 
Install skylights in your roof: මෙමගින් දවල් කාලය තුල නිවස සම්පුර්ණයෙන්ම ආලෝකමත් කරගන්න පුළුවන්. 
පියවර 3
Install solar panels: සුර්ය පැනල භාවිතා කිරීම මගින් නිවසට අවැසි ශක්තියෙන් යම් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්..
පියවර 4
Use low wattage light bulbs: අඩු ශක්තියකින් වැඩි ආලෝකයක් සපයන බල්බ භාවිතා කිරීම මගින් නිවසේ ශක්ති පරිභෝජනය අවම කරගන්න පුළුවන්..



පියවර 5
Consider using motion sensor light bulbs for both indoors and outdoors: චලන සංවේදී බල්බ භාවිතා කිරීම මගින් අනවශ්‍ය අවස්ථාවල බල්බ දල්වා තැබීමෙන් සිදුවන ශක්ති හානිය වලක්වා ගන්න පුළුවන්..
පියවර 6
Choose low flow toilet mechanisms: වැසිකිලි සදහා අවම ජල ප්‍රමාණයක් භාවිතා කරන උපාංග සවිකිරීම මගින් සාමාන්‍ය ජල පරිභෝජනය අවම කරගන්න පුළුවන්..




ඇත්තටම මේ පියවර අනුගමනය කලොත් ඔයාලටත් අඩු වියදමක් සහිත පරිසර හිතකාමී නිවසකට හිමිකම් කියන්න පුළුවන් වෙයි කියල මං විශ්වාස කරනව... 

ලංකාව වගේ සොදුරු රටක ඉපදිච්ච අපේ වගකීම ඒ සුන්දරත්වය ආරක්ෂා කිරීම කියලයි මගේ විශ්වාසය. ඉතින් ඔබේ නිවසක අවශ්‍යතාවය අවට සුන්දරත්වය ආරක්ෂා කරගෙනම ඉෂ්ට කරගන්න මේ ලිපිය ඉවහල් වෙයි කියල ඔයාලට හිතුන නම් ඒ තමි මගේ සතුට.. 

තවත් අරුත්බර ලිපියකින් හමුවෙමු.. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)




Thursday, December 5, 2013

Eco friendly vehicles(පරිසර හිතකාමී වාහන)



Green vehicles එහෙම නැත්නම් පරිසර හිතකාමී වාහන, මේ අවුරුදු කීපය තුලම කතා බහට ලක්වෙන මාතෘකාවක්..  එකට ප්‍රධාන හේතුව තමා දැනට භාවිතා කරන පොසිල ඉන්ධන ඉක්මනින් ක්ෂයවීම. පොසිල ඉන්ධන මගින් සිදුවන පරිසර දුෂණය තම අනිත් කාරණාව...

කොහොම උනත් මුල් තැන ලැබෙන්නේ අඩු වියදමකින් වැඩි ශක්තියක් නිපදවීමට මිසක් පරිසර හිතකාමී වාහන නිපදවීමට නම් නෙවෙයි. ඒ නිසා තමා න්‍යෂ්ඨික තාක්ෂණයෙන් ක්‍රියා කරන නව මෝටර් රථ ඇතැම් සමාගම් වෙළද පොලට නිකුත් කරන්නේ.. මේ මෝටර් රථයත් එවැන්නක්.. නමුත් මේ රථය තියෙන්නෙ තාම පර්යේෂණ මට්ටමේ.. ඒ නිසා පරිසරයට හානි වෙනව කියල කියන්න බැ.. නමුත් අනතුරකදී තිබෙන අවධානම වැඩි වෙන්න පුළුවන්..



මීට අමතරව තවත් බොහෝ තාක්ෂණ සහිත වාහන වෙළද පොලට ඇවිත්... ඒව ගැන විස්තර ඔයාලටම ගිහින් බලන්න පුළුවන්...

නමුත් පරිසර හිතකාමී වාහනත් මේ වනවිට නිෂ්පාදනය කරනව... ඒවායේ බල ශක්ති සැපයුම් ලෙස සුර්ය ශක්තිය, බැටරි මගින් සපයන විදුලි ශක්තිය භාවිතා කරනව.. පරිසර දුෂණයට නම් මේ වාහන හොද පිළිතුරක්.. වසරකදී පරිසරයට එකතුවෙන carbon dioxide ඇතුලු විෂ වායු බොහොමයක් අඩු කරගන්න මේ නිසා පුළුවන් වෙයි.. මේ මෝටර් රථය භාවිතා කරන්නෙ සුර්ය ශක්තිය. 100% පරිසර හිතකාමී වාහනයක්..


නමුත් මේ වාහන බොහොමයක් තියෙන්නෙ පර්යේෂණ මට්ටමේ නිසා මේවා අපේ වෙළද පොලට එන්න ටික කාලයක් යයි..

 එත් අපි හැමෝම දන්න hybrid කාර් නම් බොහොම ජනප්‍රියයි. ඒවට තියෙන ඉල්ලුමත් එන්න එන්නම වැඩි වෙන්නෙ ඒවයෙ ඉන්ධන පිරිමැස්ම ඉතා ඉහල නිසා වගේම ඒවයෙ මිලත් දැරියහැකි මට්ටමක පැවතීම නිසා. මේ වාහන වලින් සිදුවන පරිසර දුෂණයත සාපේක්ෂව අඩුයි. මේ එවැනි මෝටර් රථ කීපයක්...


ඔබටත් මතු දවසක 100% පරිසර හිතකාමී මෝටර් රථයක හිමිකාරයෙක් වීමට වාසනාව ලැබේවා.. !
තවත් ලිපියකින් හමුවෙමු.. ඔබට ජය!

(සිතුම් මාධව ලියනගේ, රුහුණ විශ්ව විද්‍යාලය, මාතර)

Wednesday, December 4, 2013

Geothermal energy (භුමි තාප ශක්තිය)...



මොකක්ද මේ භුමි තාප ශක්තිය?
අපිට මේ ශක්තියෙන් ඇති වැඩේ මොකක්ද? ඔයාලට හිතෙන්න පුළුවන්... පොඩ්ඩක් හොයල බලන්න වටින කාරණාවක් මේක...

අද ලෝකේ ගොඩක් දියුණු වෙලා... දියුණු රටවල් බල ශක්තිය නිපදවන්න අලුත් ක්‍රම හොයාගෙන... ගල් අගුරු, ඩිසල් බලාගාර දැන් යල් පැනපු තාක්ෂණ වෙලා..

දැන් දියුණු රටවල් බල ශක්තිය නිපදවන්නේ භුමි ශක්තියෙන්.. ඒ කියන්නේ මහා පොලවේ රස්නෙන්...

ඒ කොහොමද? අපේ පොලව එච්චර රස්නෙ නැනේ යාලු? ඔයාල අහාවි...

මෙන්න මේකයි කාරණාව... අපේ පෘතුවියෙ හරයට පිටින් තියෙනවා කබලක්... එකට කියන්නේ crust එක කියල... මේ පෘතුවි කබලේ උෂ්ණත්වය 370 °C (700 °F) විතර වෙනවා.. එකට හේතුව පොලව අභ්‍යන්තරයේ තියෙන ඛනිජවල විකිරනශීලි ක්ෂයවීම.. පුදුමෙ කියන්නේ මේ තාපය තියෙන්නෙ මතුපිට ඉදල කිලෝමීටර් කීපයක් යටින්... ලෝකේ ඕනෑම තැනක ඉදල කිලෝමීටර් කීපයක් යටට ගියාම මේ උෂ්ණත්වයට සමානයි.. ලංකාවෙ අපිටත් එහෙමයි..

ලෝකේ දියුණු ටරවල් බල ශක්තිය එහෙම නැත්නම් විදුලිය නිපදවන්න මේ තාප ශක්තිය යොදාගන්නව දැනටමත්.. මේ බලාගාරයක ආකෘතියක් තමා මේ පින්තුරෙ තියෙන්නෙ. කාරණාව සරලයි.. පොලව තුලට විදිනලද නල මගින් ජලය මෙම ප්‍රදේශයට ඇතුළු කරනවා.. ඒ ජලය තාප ශක්තිය උරාගෙන 370 °C පමණ උෂ්ණත්වයකට පැමිනෙනව... ජලය ගලායන ප්‍රදේශට විදපු තවත් නලයක් මගින් මේ ජලය මතුපිටට ගේනවා.. සාමාන්‍ය වායුගෝල පිඩනයේදී මේ ජලය වාෂ්ප වෙනවා.. ඒ වාෂ්ප turbine කරකවන්න යොදාගන්නවා... කිසිම පරිසර දුෂණයක් නෑ... සුපිරිම තාක්ෂණයක්...

ලංකාව වගේ සුන්දර රටක පරිසර දුෂණය උග්‍ර වීමට ලොකුම හේතුවක් තමා ගල් අගුරු හා ඩිසල් බලාගාර... කවද හරි ලංකාවටත් පරිසර දුෂණයෙන් තොර බල ශක්තියක් ලැබේවා කියල පාර්ථනා කරමු...

campus එකේ වැඩත් එක්ක ඔයාලට ලිපියක් ලියන්න වෙලාව හොයාගන්නෙ අමාරුවෙන්...ඒ නිසා comment එකක් දල යන්න අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනව.. තවත් ලිපියකින් හමුවෙමු... ඔබට ජය...


video

(Sithum Madhawa, university of ruhuna)