Tuesday, September 16, 2014

Bloom Energy- ලොවට නවතම ශක්ති ප්‍රභවයක්...

ඔන්න යාලු අද නම් අපි කතා කරන්න යන්නේ උණු උණුවෙම ලොවට හදුන්වා දුන්නු සුපිරිම "Bloom Energy" තාක්ෂනය ගැන ඔබට කියන්න. ඔබට මතක ඇති අපි Fuel Cell (ඉන්ධන කෝෂය) ගැන ඔබට ලිපියක් රැගෙන අවා. මේක තමයි ඒ තාක්ෂණයේ අලුත්ම පියවර..


මෙය  "solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක්".  මෙමගින් ඔබට පිරිසිදු, අඛණ්ඩ, අවශ්‍ය ප්‍රමාණයක ශක්තිය ලබාගත හැකියි. ඔබට මතක ඇති අපි හයිඩ්රිජන් ඉන්ධන කෝෂය ගැන කතා කළා. මේ ඉන්ධන කෝෂය තුන් විදිහකින් හයිඩ්රිජන් ඉන්ධන කෝෂයෙන් වෙනස් වෙනවා.

1.අඩු වියදම් අමු ද්‍රව්‍ය භාවිතය- Low cost materials
මෙහි විඛාදනය වන අම්ල හෝ ප්ලැටිනම් වෙනුවට භාවිතා වන්නේ සාමාන්‍ය වැලි..

2.අධික විද්‍යුත් කාර්යක්ෂමතාවය- High electrical efficiency
මෙහි ඉන්ධන විද්‍යුත් පරිවර්තන කාර්යක්ෂමතාවය සාමාන්‍ය අගය මෙන් දෙගුණයක්.

3. ඉන්ධන සුනමයතාව- Fuel flexibility
මේ සදහා පුනර්ජනනය වන  හෝ එසේ නොවන පොසිල ඉන්ධන හෝ භාවිතා කල හැකියි.

එක් bloom energy server එකක් 200kw  ක ශක්තියක් නිපදවනවා. එය නිවාස හෝ කාර්යයාල 160කට ප්‍රමාණවත් ශක්තියක් දිව රෑ පුරාවට සපයනවා. ඒ වගේම එයට අවශ්‍ය වෙන්නේ ඉතාම කුඩා අවකාශයක්.

"solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක" පරිණාමය මෙසේයි..

"solid oxide fuel cell" එක්කක්(SOFC).. එහෙමත් නැත්නම් "ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක" ක්‍රියාකාරීත්වය මෙසේයි..

ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක් ක්‍රියා කරන්නෙ ඉතා ඉහල උෂ්ණත්වයකදී.(සාමාන්‍යයෙන් 800c ටත් ඉහල අගයක) එය කාර්යක්ෂමතාවය වැඩි වීමට වගේම ඉන්ධන සුනමයතාවයටද හේතු වෙනවා.මෙය ගොඩනැගීම අභියෝගයක්. නමුත් එය සැබෑවක් වෙන්නේ bloom නිසා.

ඔබට ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂයක ක්‍රියාකාරීත්වය බලන්න අවශ්‍ය නම් මේ වීඩියෝව බලන්න. Solid Oxide Fuel Cell-ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂය

bloom ශක්තිය භාවිතා කිරීමේ වාසි..

  • විසිරුණු ශක්ති ප්‍රභවයක් වීම.-distributed power
  • අදික කාර්යක්ෂමතාවය.-high electrical efficiencies
  • ඉන්ධන සුනම්‍යතාව.- fuel flexibility
  • පැය 24 පුරාවට ශක්තිය සැපයිය හැකිවීම.-Bloom's Energy Servers can produce clean energy 24 hours per day, 365 days per year
  • ඉතා පහසුවෙන් හා ඉකමනින් ස්ථානගත කල හැකි වීම.-easy and fast deployment
  • ජලය භාවිතා නොකිරීම.-No Water Use
  • අනාගත යෙදීම්.-Future Applications
දැනට ලොව සුප්‍රකට ආයතන වන google හා ebay හා වෙනත් ආයතන ගණනාවක් මෙම ශක්ති ප්‍රභවය භාවිතා කරනවා. මේ ඒ ආයතන..

ඔබත් මාත් වෙසෙන මේ ශ්‍රී ලංකාවෙත් නුදුරු දිනක මෙවැනි පරිසිදු ශක්ති ප්‍රභවයක් දකින්න ලැබේවා කියල ප්ර්තන කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Thursday, September 11, 2014

මුහුදු ජලය පවිත්‍රීකරණය හෙවත් (Turn Salt Water Into Drinking Water)

ඔන්න යාලු අද අපි කතා කරන්න යන්නෙ මුහුදු ජලය පවිත්‍රීකරණය හෙවත් (Turn Salt Water Into Drinking Water) ගැන..

මේ මාතෘකාවත් වර්තමානයේ කතා බහට ලක්වෙන්නෙ ලොව උග්‍ර ජල අර්බුධයක් පවතින නිසාවෙන්. දිනෙන් දින වැඩි වෙන ලෝක ජනගහනය හමුවේ ඉතා සීමිතව පවතින පිරිසිදු ජල සම්පත තර්ජනයකට ලක්වෙනවා. පුත්ගලයෙකුට පිරිසිදු ජලයට ලගා වීමට ඇති හැකියාව දිනෙන් දින අඩුවෙනවා. ඒ විතරක් නෙවේ. විද්‍යාඥයින්ගේ මතය නම් අනාගතයේ පිරිසිදු ජල සම්පත මුල් කරගත් යුද්ධ පවා ඇති විය හැකි බවයි..

ලොව ජනගහනයෙන් 17% කට පිරිසිදු ජලයට ලගාවීමට නොහැකි වීම ඉතාම සෝචනීය කරුණක්. මේ සිතයමින් ඔබට එය වැටහේවි..
ජලය නොමැති වීම අහාර හිගයට සෘජුවම බලපානවා.. කෙලින්ම කියනවා නම් පිරිසිදු ජලය නැත්නම් ඉතින් කෑමත් නෑ තමා..


අද අපි කතා කරන්න යන්නෙ මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න පුළුවන් මතුකාවක් ගැන. මේ සදහා භාවිතා කරන ක්‍රමවේදය හදුන්වන්නෙ Reverse osmosis හෙවත් " ආපසු ආසුත්‍රිය" නමින්. ඒ වගේම මේ ක්‍රියාවලිය සිදුකරන්නෙ "Seawater Desalination Plant" හෙවත් කරදියෙන් මිරිදිය වෙන් කරන කර්මාන්ත ශාලාවක.

ක්‍රියාවලියට පියවර 4ක් තියෙනවා..

  • Pretreatment (පෙර පිරියම් කිරීම)
  • Reverse Osmosis(ආපසු ආසුත්‍රිය)
  • Post-treatment, Blending and Delivery(පසු පිරියම් කිරීම,සම්මිශ්‍රණය හා ප්‍රවාහනය)
  • Concentrate Return(සාන්ද්‍රණ ආපසු යැවීම)



Pretreatment(පෙර පිරියම් කිරීම)

RO ක්‍රියාවලියට ප්‍රථම මුහුදු ජලය කර්මාන්ත ශාලාව තුලට ඇතුළු කරගන්නවා. පසුව සුන්බුන් කැබලි, රොඩු ඉවත් කරනවා. මෙය සම්ප්‍රදායික ක්‍රමයක්. හදුන්වන්නෙ "coagulation and flocculation" හෙවත් " මුහුන් කැටියෑම" ලෙසින්. 



මෙහිදී ඇල්ගී නිපදවීමට මුහුදු ජලයට රසායනික ද්‍රවය එකතු කරනවා. මෙහිදී  කාබනික ද්‍රවය හා අංශු එකතු වීමෙන් ඇතිවෙන සමුහනය වීම් වැලි පෙරහනකින් පහසුවෙන් ඉවත් කල හැකියි. එම ජලය පසුව ඩයටමාකාර බිම් පෙරහනක් තුලින් යවනවා. ඉන් රොන්මඩ හා කුඩා අංශු ඉවත් වෙනවා.

Reverse Osmosis(ආපසු ආසුත්‍රිය)

මෙහිදී ජලය අධික පීඩනයකට ලක් කරන අතර අර්ධ පාරගම්‍ය පටලයක් තුලින් යවා මිරිදිය වෙන් කරගන්නවා. මෙම අර්ධ පාරගම්‍ය පටලය මයික්‍රෝන .001 විශ්කම්භයෙන් යුතු සිදුරු වලින් සමන්විතයි. එය මිනිස් කෙස් ගසක විශ්කම්භයෙන් 1/100,000 ක්.


Post-treatment, Blending and Delivery(පසු පිරියම් කිරීම,සම්මිශ්‍රණය හා ප්‍රවාහනය)




මෙහිදී පිරියම් කල මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය එක කර එය ස්ථායි තත්වයට පත් කරනවා.

Concentrate Return(සාන්ද්‍රණ ආපසු යැවීම)

මෙහිදී සිද්ධ වෙන්නෙ "සාන්ද්‍රණ ආපසු යැවීම" කියන ක්‍රියාවලිය. මිරිදිය ඉවත් කල කල මුහුදු ජලය යලිත් මුහුදට නිදහස් කරනවා. නමුත් නිදහස් කිරීමට ප්‍රථම මෙම ජලයේ උෂ්ණත්වය හා ලවන සාන්ද්‍රණය අඩු කරනවා තවත් මුහුදු ජලය සමග මිශ්‍ර කිරීමෙන්.

අපිට කොහොමද ලවන ජලය පිරිසිදු කරගන්න පුළුවන්..? මේ වීඩියෝව නරබන්න..

ඉතින් යාලු මේ ක්‍රමය නම් වඩාත් ගැලපෙන්නෙ ජලය හිග සෝමාලියාව, ඉතියෝපියාව වගේ රටවල් වලට. නමුත්  අපේ ලංකාවෙත් මොන තරම් පිරිසිදු ජල උල්පත් තිබුන උනත් ඒවා විනාශ වෙන හැටි දැක්කම නම් හිතෙන්නෙ ලංකාවටත් ඉක්මනටම මේ ක්‍රමය භාවිතා කරන්න වෙයි කියල. එත් පරිසර හිතකාමී මිනිසුන් හැටියට එහෙම නොවේවා කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)