Thursday, January 30, 2014

Solar water heating System- සුර්ය ජල තාපක

Solar water heating System හෙවෙත් සුර්ය ජල තාපක අද හැමෝම කතාවෙන මාතෘකාවක්.. ඒ මොකද කියල යම්කිසි අදහසක් මේ වෙනකොට අපි හැමෝටම තියෙනවා.. නමුත් මේකෙ යාන්ත්‍රණය මොකක්ද කියල හොයල බලන එක ගොඩක් වැදගත්. එමගින් ඔබේ දැනුම වර්ධනය වෙනව වගේම ඔබේ මුදලුත් ඉතිරි කරගන්න පුළුවන්....

මේ රූපයෙන් දැක්වෙන්නේ දැනට පවතින නවීනතම සුර්ය ජල තපකයයි. සාමාන්‍යයෙන් සුර්ය තපක වල පවතින සුර්ය පැනල, බැටරි යම් කාලයකට පසු ප්‍රතිස්ථාපනය කල යුතුයි. එසේ කලත් ඒවායේ කාර්යක්ෂමතාවය අඩු මට්ටමක තමා තියෙන්නේ. 

නමුත් මේ නවීන  සුර්ය ජල තපකයේ සුර්ය පැනල නෑ. බැටරි නෑ. ඒ නිසා ඒවා ප්‍රතිස්ථාපනය කිරීම වැනි ක්‍රියා වලට ඔබේ මුදල් වැයවන්නේ නෑ. කාර්යක්ෂමතාවය ඉතා ඉහලයි.
මේ රූපයෙන් දැක්වෙන්නෙ නවීන සුර්ය ජල තපකයක් සවිකරන අයුරුයි...

නැනෝ තාක්ෂනය මේ නවීන සුර්ය ජල තපකය සතු වෙනවා. එය තුල පවතින ද්‍රවය නිපදවා තියෙන්නෙ නැනෝ තාක්ෂනය භාවිතයෙන්. 
පළමු රුපයේ පරිදි ඉහලින්ම තියෙන්නෙ වතුර ටැංකිය. එයට සවි වෙන බට රාශියක් ඔබට පහලින් පෙනෙනවා ඇති. ඒවායේ පිටත ආවරණය සුදු යකඩ හා තඹ යොදා නිපදවන අතර එමගින් අධෝරක්ත කිරණ පරාවර්තනය කරනු ලබනවා. 

ඇතුලතින් පවතින ඇලුමිනියම් නයිට්‍රයිඩ් ස්තරය තාපය අවශෝෂණය කරගන්නවා. ඊට අමතරව අවශෝෂණය කරගත් තාපය පිටවීම නැවැත්වීමට නිකල් හෝ ටයිටේනියම් ස්තරයක් යොදාගන්නවා.
ඉහත සතර තුනෙන් යුතු ආවරණය ඇතුලතින් පවතින රික්ත පොම්පයට 500c පමණ උෂ්ණත්වයකට රත් වීමට අවකාශය සපයාදෙන අතර නිරාවරණ වර්ගඵලය වැඩිකරමින් වැඩි ආයුෂ ප්‍රමාණයක්ද ලබාදෙනවා.මෙහි කාර්යක්ෂමතාව 96% පමණ වෙනවා.

රික්ත පොම්පයේ රූපයක් ඉහත රූපයෙන් ඔබට දැකගත හැකියි. 

ඇතුලත හා පිටත ආවරණ පහත රූපයෙන් දැකගත හැකියි.
මේකෙ ක්‍රියාවලිය මෙහෙමයි. ඇතුලත පවතින දියරය ටුබයෙන් බාගයක් පිරෙන්න තමා පුරවල තියෙන්නේ. දියරයෙන් කොටසක් තාපය උරාගෙන වාෂ්ප බවට පත් වෙනවා. වශ්පය ස්වභාවික සංවහන ක්‍රියාවලිය මගින් ඉහල යනවා. 

රික්ත පොම්පයේ තුඩ ජාල ටැංකියට ඇතුලත් කර ඇති අතර තුඩ තාප සන්නායක ද්‍රව්‍යකින් නිමවා තිබෙනවා. වාෂ්ප මගින් රැගෙන එන තාපය එහිදී ටැංකියේ ජලයට සම්ප්‍රේෂණය කරන අතර නැවත ද්‍රව බවට පත් වෙනවා. 

ඒ ද්‍රව නැවත බටය දිගේ පහලට ගමන් කරනවා. මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙනවා. එමගින් ටැංකියේ ජලය 500c තරම් ඉහල උෂ්ණත්වයකට රත් වෙනවා කියුවොත් පුදුමයි නේද? 

දවස් තුනක් ඉර පෑයුවේ නැතත් මේ ක්‍රියාවලිය සිදුවීමට තරම් තාපයක් පද්ධතිය සතු බවයි අන්තර්ජාල තොරතුරු වාර්තා කරන්නේ. සුපිරිම තාක්ෂණයක් නේද?

මේ පින්තුරෙන් වතුර ටැංකියක් සහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....
මේ පින්තුරෙන් වතුර ටැංකියක් රහිත නිවසකට මේ පද්ධතියක් සවිකරන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන්....

නිවර්තන කලාපිය රටක් වන ලංකාවේ අපිට අවුරුද්ද පුරාම දිනකට පය 8 කට වඩා කාලයක් හිරු එලිය ලැබෙන නිසා ලංකාවට මේ තාක්ෂනය ඉතාමත් සුදුසුයි. පරිසර හිතකාමී ඔබට මෙය ඉතාම සුදුසුයි. ඒ වගේම ඔබේ විදුලි බිලත් අඩු කරාවි.. 

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Saturday, January 18, 2014

සිංහරාජයට, හෝටන් තැන්නට, රූණ කන්දට වසන්තය ගෙන පිපෙන, නෙලූ මල්....

අපි හැමදාම තාක්ෂණික දේවල් කතා කරපු නිසා වෙනසකටත් එක්ක අද සොබාදහමේ අපූරු නිර්මාණයක් වන නෙලූ මල් ගැන ඔබට කියන්නයි මේ සුදානම...

මුණු පොතේ( facebook) "සුවිසැරිය" නමින් අපි ලංකාවේ මිනිස් ඇස නොගැටුණු සුන්දර තැන් සොයා යන චාරිකාව රූණ කන්ද වන අඩවියෙන් ඇරඹුවා ඔබට මතක ඇති. ඒ ගමනේදී ඇස ගැටුණු ඒ අපූරු නෙලූ මලේ කතාව ඔබට කියන්න අපට හිතුන...


නෙලූ මල් පිපෙන්නේ අවුරුදු 12 කට වතාවක් කියල කියුවොත් ඔබට මොකද හිතෙන්නේ... පුදුමයි නේද..?
සුවි සැරියේ අපි ඒ මලේ සුන්දරත්වය දකින්න වාසනාවන්ත උනා...

ඇත්තටම මේ මල් පිපෙන්නෙ අවුරුදු 12කට වරක් පමණයි. ඒ කියන්නෙ මේ ශාකයේ ජීවන චක්‍රය අවුරුදු 12ක්. මේ ශාකය Strobilanthes කියන ශාක පවුලට අයත්. ලංකාවේ මේ ශාක විශේෂ 31ක් දැකිය හැකියි. ඉන් 26ක්ම ලංකාවට ඒක දේශික වීම විශේෂත්වයක්...
හෝර්ටන් තැන්නේ ඉන් 8ක් දැකිය හැකි අතර ඉන් 7ක්ම හෝර්ටන් තැන්නට ආවේනිකයි..
ඒ ආවේනික ශාක 7 ඔබට පහතින් දැකිය හැකියි.


  • Strobilanthes Pulcherrima
  • Strobilanthes Viscosa
  • Strobilanthes Dianadra
  • Strobilanthes Hookeri
  • Strobilanthes Sexennies
  • Strobilanthes Calycina Strobilanthes Nockii
  • Strobilanthes
 මේ ශාකය හෝර්ටන් තැන්න පුරාවට පැතිරී පවතින නිසා සුලබව දැකිය හැකියි. හෝර්ටන් තැන්න පුරාවට පිපී ඉතා සොදුරු දසුනක් මවන මේ නෙලූ මල් එයට ගෙන එන සුන්දරත්වය green technology අපේ කණ්ඩායමට දකින්න පුළුවන් උනා..

ලංකාවේ ගියවර මේ මල් පිපිලා තියෙන්නේ 2001 වසරේදී.. ඉතින් ඔයාලට මේ අවස්ථාව මේ අවුරුද්දෙ මග හැරුන නම් 2024 අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා. එත් මේක අවුරුදු 12ක් ඉදල උනත් බලන්න වටින දර්ශනයක්...

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)

Thursday, January 9, 2014

Ecotourism (පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය)


Ecotourism හෙවත් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව වගේ රටක අපිට හුගක් වැදගත් මාතෘකාවක්. ඒ රටේ ස්වභාව සෞන්දර්ය රැකගෙන රටට විදේශ විනිමය ගෙනෙන සංචාරක ව්‍යාපාරයත් පවත්වාගෙන යාම ඔබෙත් මගෙත් වගකීම වන නිසා....

එය මෙසේ අර්ථ දක්වනු ලබනවා. (The Definition)

"ස්වදේශකයන්ගේ සුබසාධනය වැඩි දියුණු කරන  ස්වභාවික පරිසර සංරක්ෂණයකරන ප්‍රදේශ   තුලට වගකීමක් සහිත සංචාරය"  ("responsible travel to natural areas that conserves the environment and improves the well-being of local people.") (TIES, 1990)


පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයේ නීති. (Principles of Ecotourism) 

ඔබ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නේ නම් පහත සදහන් නීති වලට ඔබ අවනත විය යුතුයි...
  • හානිය අවම කිරීම.(Minimize impact)

  • පාරිසරික හා සංස්කෘතික වැටහීම හා ගෞරවය ගොඩ නැගීම.(Build environmental and cultural awareness and respect.
  • සංචාරකයින්ට සුබදායක අත්දැකීම් ලබාදීම.(Provide positive experiences for both visitors and hosts.)
  • සංරක්ෂණය සදහා සෘජු ආර්ථිකමය ප්‍රතිලාභ ලබාදීම. (Provide direct financial benefits for conservation.)
  • දේශීය ජනතාවට ආර්ථිකමය ප්‍රතිලාභ හා බලය පැවරීම. (Provide financial benefits and empowerment for local people.)
  • දේශපාලනික, පාරිසරික හා සමාජමය වශයෙන් ධාරක රටවල් වල සංවේදීතාව නැංවීම. (Raise sensitivity to host countries' political, environmental, and social climate.)

ලංකාවේ දැනට පවතින සංචාරක ව්‍යාපාරයේ නම් මේ කරුණු දකින්න තියෙන්නේ අඩුවෙන් කියනදේ ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. නමුත් ස්වභාවික සුන්දරත්වයෙන් පරිපුර්ණ මේ දිවයින මතු පරපුරටත් එලෙසින්ම උරුම කරදීම ඔබෙත් මගෙත් වගකීමක්... ඉතින් ලංකාවේ ඉදිරි අනාගතයේදී පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් බිහිවේවා කියල පාර්ථනා කරමු නේද?

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)



Saturday, January 4, 2014

Wind power for sri lankan hill country. ලංකාවේ කදුකරයටත් සුළං විදුලි ශක්තිය.

යාලු අද අපි ඔයාලට කියන්න යන්නෙ ලංකාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් ගැන.. ලංකාවේ ඔබත් මමත් හොදින් දන්නා ආයතනයක් වන අඹේවෙල කිරි ගොවිපල මගින් තම බලශක්ති අවශ්‍යතාව සුළං විදුලි ශක්තිය මගින් සපුරාගන්න තීරණය කර තිබෙනවා....

 පසුගිය අවුරුද්දේ දෙසැම්බර් නිවාඩුවට ලංකාවේ සුන්දරම පරිසරයක් හිමි කදුකරයට යන්න අපට අවස්ථාව ලැබුනා. ලොව ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් හිමි හෝටන් තැන්න නරබන්න අප අමතක කලේ නෑ.. ඔබට අඹේවෙල කිරි ගොවිපල හමුවන්නේ මෙන්න මේ ගමන අතරතුරේදී.. දෙපසට විහිදුනු තන පිටි අතරින් ඉදිරියට ඇදුන අපට මේ සුවිශේෂී දර්ශනය එක වරම  නෙත ගැටුනා....

 අපි මීට පෙර හම්බන්තොට සුළං විදුලි බලාගාරය දැක තිබුනත් මෙවැනි සුන්දර පරිසරයක දුටු ඒ දර්ශනය අපේ නෙත් වසග කර කිවුවොත් වඩාත් නිවැරදියි. මන්ද එය මේ පරිසරය එක්කර තිබුනේ සියැසින්ම දැකිය යුතු තරම් සුන්දරත්වයක්.



 තවමත් මේ විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කර නැහැ. සුළං පෙති වෙනත් ස්ථානයක පාවිචි කරපුවා. මොකද ඒවා අලුත්ම ඒවා නෙවෙයි කියල දකින ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒවායේ මිල අධික නිසා සමාගමකට ඒවා අලුතින්ම ගන්න අමරුයිනේ. එත් සමාගමක් හැටියට ඔවුන් තබා ඇති මේ පියවර ලංකාවේ අපි හැමෝටම අභිමානයක් වගේම ආදර්ශයක්ද සපයන මවයි අපේ හැගීම....

තවත්  ලිපියකින් හමුවෙමු 
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)