නමුත් කරුණු වැටහෙන විට පෘතුවියේ ඇතැම් නගර මිනිසා ඇතුළු ජීවීන්ට ජීවත් වීමට නුසුදුසු තරම් තත්වයට පත්වෙලා කුවොත් වඩාත් නිවැරදියි. චීනයේ beijing කියන්නේ එකට හොද උදාහරණයක්.. beijing වල වාතය ජීවීන්ට නුසුදුසු බව තහවුරු කරල අවසානයි..නමුත් මේ අමිහිරි අනාගතයට ඔබත් මමත් හෙට උපදින දරුවාත් මුදුන දිය යුතු වෙනව, වග කියන්නන් කවුරු වුවත්..
මෙවැනි වාතාවරණයක් තුල තමා හරිත තාක්ෂනය නම් සංකල්පය ලොව කතා බහට ලක්වන මාතෘකාවක් වෙන්නෙ....
හරිත තාක්ෂනය කියන සංකල්පය තුල විවිධ පැතිකඩ රාශියක් ආවරණය වෙනව.. ඉන් එක්කක් තම මේ "හරිත ගොඩනැගීම් තාක්ෂනය" කියන්නේ. ඔයාලට මතක ඇති අපි පරිසර හිතකාමී නිවාස ගැන කතා කලා. (පරිසර හිතකාමී නිවාස). හරිත ගොඩනැගීම් තාක්ෂනය මිට වඩා චුට්ටක් පුළුල් මාතෘකාවක්. සියලුම කෘතීම ඉදිකිරීම් මේ මාතෘකාවට අයත්.. නිවාසත් ඇතුළුව..
මෙම ගොඩ නැගීමේ තාක්ෂණයේ ප්‍රධාන අරමුණු තමා
- පරිසරයට සිදුවන හානිය අවම කිරීම.
- අවම ශක්ති පරිභෝජනය.
- අවම ශක්ති හානිය.
- ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම.
- අවම ද්‍රව්‍ය භාවිතය.
පරිසරයට සිදුවන හානිය අවම කිරීම.
ගොඩ නැගිල්ලේ වහලය මත සිදු කරන හරිත වගාව ගොඩ නැගිල්ල ඉදිකිරීමේදී පරිසර හරිත වසමට සිදුවූ හානිය අවම කිරීම සිදු කරනවා.. භාවිතා කල ජලය පිරියම් කර නැවත පරිසරයට මුදාහැරීමෙන් පරිසර හානිය අවම වෙනවා.
අවම ශක්ති පරිභෝජනය.
තාපී කරණය, සං වාතනය, හා ශිතනය යන ක්‍රියාවලි වලදී සුර්ය ශක්තිය, සුලන් ශක්තිය බහවිතය මෙහිදී සිදුවෙනවා..
අවම ශක්ති හානිය.
ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම.
ප්‍රති ශක්තිකරණය කල අමු ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් දැනට වෙළද පලේ පවතින අමු ද්‍රවය සදහා වන අධික ඉල්ලුම අවම කල හැකි අතර එමගින් සීමිත වූ පාරිසරික සම්පත් භාවිතය අවම කල හැකි වෙනව..
අවම ද්‍රව්‍ය භාවිතය.
අමු ද්‍රව්‍ය අවම ලෙස භාවිතා කිරීමට නම් භාවිතයේදී සිදුවන අපතේ යාම අවම කර කාර්යක්ෂම තාවය ඉහල අගයක පවත්වාගත යුතු වෙනවා...
ලොව හරිත තාක්ෂනය කරා පියනගන යුගයක ඔබට එහි තතු මෙසේ රැගෙන එන්නට ලැබීම මට මහත් වාසනාවක් වගේම ගෞරවයක්..
තවත් ලිපියකින් හමුවෙමු
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)