ඔවුන් පවසන ආකාරයට මේ සැලසුම සරල සහ විශිෂ්ඨ ඝනයේ එකකක්. ඒවගේම එය මනසේ සුනම්යතාව මත පදනම්වුවක්.. ඔවුන්ගේ ස්වයං පාලක කාර් වල සිට ඉංජිනේරු විද්‍යාගාර සහ තාක්ෂණික කාර්යාල දක්වා සුදුසු වැඩබිම් පරිශ්‍රයක අවශ්‍යතාව මුලික කරගෙන ඉතා ඉක්මනින් එය සදා නිමකිරීමට ගුගල් සමාගම බලාපොරොත්තු වෙනවා.
සම්පුර්ණ සයිට් එකම ආලෝකය විනිවිද යන භූමිතික වියනකින් ආවරණය වෙනවා.. ඒ ස්ථිර තාප්ප, බිත්ති සහ සිවිලිම් වෙනුවට. සියල්ල නිමවීමට නියමිතව ඇත්තේ පහසුවෙන් ඉවත් කළහැකි ද්‍රව්‍ය වලින්. මෙහි ඇතුලත විශාල ප්‍රදේශයක් අලංකාරවත් මොඩියුල වලින් පිරවීමට නියමිතයි. ඊට අමතරව අලංකාරවත් භූ දර්ශන, ශාක, ආපන ශාලා සහ පාපැදි මාවත් වලින් සමන්විතයි.
ගුගල් සමාගම මෙම ගොඩනැගිල්ල සැලසුම් කර ඇත්තේ එහි බොහෝ ප්‍රදේශ වලට සාමාන්‍ය ජනයාට ළඟාවිය හැකි අයුරින් වීම විශේෂත්වයක්. ඒ වගේම ඔවුන් භාවිතාකරන Bloom Energy Bloom energy සම්බන්ධයෙන් අපි මිට පෙර ඔබට ලිපියක් රැගෙන අවා ඔබට මතක ඇති. ඔවුන් මේ වයපෘතියටද එවැනි නැවත පුනර්ජනනය වන ශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමටත් සුදානම්...
ඔවුන් ඒ පිලිබඳ මෙසේ පවසනවා..
“Of course, this project is about much more than just office space; it’s about doing more with the local community as well. So we’re adding lots of bike paths and retail opportunities, like restaurants, for local businesses. We also hope to bring new life to the unique local environment, from enhancing burrowing owl habitats to widening creek beds. And we’re committed to do everything we can to save energy—our recent agreement to offset our energy consumption in North Bayshore with renewable energy includes the development of this proposal.”
ඔබට මතු දිනෙක මෙහි සේවය කරන්න අවස්ථාවක් ලැබුනොත්.. මොහොතක් සිතන්න.. ඔබ ගන්නා තීරණය කුමක්ද?
තවත් ලිපියකින් හමුවෙමු
ආයුබෝවන් .. ඔබට ජය!
(සිතුම් මාධව ලියනගේ , රුහුණ විශ්ව විද්‍යාලය ,මාතර)